(රෝෂන් තුෂාර)

කෙරවලපිටිය කසල අංගනයට ( Long arm Excavators ) එක්ස්කැවටර් යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 41 ක පාඩුවක් සිදුවන ආකාරයෙන් කටයුතු කර දුෂණය නම් වරද සිදු කළේ යැයි කියන ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ හිටපු ප්‍රධාන ඉංජිනේරු බණ්ඩාර සමරකෝන් ඇතුළු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද අඩංගුවට ගනු ලැබිණි.

2016/2018 ජාතික පරිසර සංරක්ෂණ පුනරුද වැඩසටහන ප්‍රතිපාදන යටතේ සංස්ථාවට යන්ත්‍ර මිලදී ගැනීමේදී දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙනන ඇත.