(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
අයගම කොළඹෑව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් දහසය හැවරිදි පාසල් දරුවකු තුවාල ලබා රතනපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ අයගම කොළඹෑව ප්‍රදේශයේ පදිංචි අනූෂා ස්වර්ණලතා නැමැති (43) හැවරිදි කාන්තාවක් බව පොලිසිය පැවසීය.
ඇය සිය දහසය හැවරිදි පුතා සමග යතුරු පැදියෙන් අයගම ප්‍රදේශයට ගොස් පාන් රැගෙන පැමිණෙමින් සිටියදි මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසිය.
මෙම සිදුවීම ඊයේ රාත්‍රී දහයට පමණ සිදු වී ඇති බවත් සිද්ධියට අදාල සැකකරුවන් හදුනාගෙන ඇති බව පොලිසිය පැවසිය. පෞද්ගලික ආරවුලක් සිද්ධියට මුල් වී ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අයගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd