(සුජිත් හේවාජූලිගේ,ළහිරු හර්ෂණ සහ නිමන්ති රණසිංහ)
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අද නම් කරනු ලැබීය.
ගම්පහ, කළුතර සහ කොළඹ රෝහල් සහ මහජන සෞඛ්‍ය පරික්ෂ කාර්යාල මගින් එන්නත් කිරීම සිදු කරන අතර එන්නත් ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනා ජාතික හැඳුණුම්පත සහ පළමු මාත්‍රාව ලබාගත් දින දුන් කාඩ්පත රැගෙන ආ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ලබන සතිය පුරා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමට කටයුතු කරන බැවින් අනවශ්‍ය කලබලවීම් හෝ තදබදයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව ඉන්නේ බස්නාහිර පළාතේ විතරද ? මහනුවර ජනතාව ස්පුට්නිනික්V එකක් විදගෙන බලන් ඉන්නව. ස්පුන්ට්නික් 2 ගැන කතාවක් නැත
හොඳයි
හොඳයි
හොඳයි..