(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
ඇය සමග තිදෙනකුගෙන් යුතු දූත පිරිසක්ද පැමිණ සිටියහ.
ඔවුන් අලුයම 3.35 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම් සි සි සරණං ගච්චාමී.
එම්සිසි එක අත්සන් කරන්න වගේ යන්නේ. දේශප්‍රේමියෝද දේශද්‍රෝහියෝද කියලා ළඟදීම ඔප්පු වෙයි.
අත්සන් කරපු ඔප්පුව අරන් යන්න වෙන්න ඇති.
ඇමරිකාවට කප්පරක් ප්‍රශ්න තියෙද්දී , විරැකියාව කියන එක අහස උසට තියෙද්දී , ජීවන වියදම අහසේ ගැවි ගැවි තියෙද්දී , ලෝකේ අනිත් කලාප වල කටයුතු වලට ඇගිලි ගහන්න රාජ්‍ය ලේකම්වරු පත් කරන්නේ මොකද කියලා ප්‍රශ්නයක් හිතට එන්නේ මට විතරද ??