එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂපාතී ලෙස කටයුතු කළ බවටත් ප්‍රමාණවත් පරිදි ප්‍රතිසංස්කරණ නොකළ බවටත් චෝදනා කරමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව එම කවුන්සිලයෙන් ඉවත් කරගත්තේ ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස එක් වන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඉරිදා පැවැසීය.
මේ සම්බන්ධනේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි ද හෙතෙම කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එහි මූලධර්ම ආරක්ෂා වන අයුරින් වැඩිදියුණු කිරීමටත් කවුන්සිලය තුළ ඵලදායී අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමටත් ඇමෙරිකාව බලාපොරොත්තු වන බව එම නිලධාරියා කීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිත ය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතින් අසමගි කරන එක්සත් ජාතීන්ගේ සංගමයට මේ පඩියට අලුත්ම සාමාජිකයා හැටියටම බඳවා ගත්තා නම් කොච්චර අගේද?
ඔන්න දැන් හිතෙනවා නේද ට්‍රම්ප් උන්නා නම් හොඳයි කියලා...?