
(තිළිණි ද සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් අලුතින් ස්ථාපිත කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ටෙක්සාස් හි නව ශ්‍රී ලංකා කොන්සල්වරිය ලෙස දක්ෂිණි සේනානායක මහත්මිය පත් කරනු ලැබ ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි
ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් එරට ටෙක්සාස් ප්‍රාන්තයේ ආශ්‍රිතව ජීවත්වන බැවින් ඔවුන් ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නව කොන්සියුලර් කාර්යාලය හූස්ටන් නගරයේ ස්ථාපිත කරනු ලැබ ඇත.
ටෙක්සාස් හි නව ශ්‍රී ලංකා කොන්සාල්වරිය වන දක්ෂිණි සේනානායක මහත්මිය වසර 20කට වැඩි කාලයක් එම ප්‍රාන්තයේ නීතීඥවරිය ලෙස කටයුතු කරන අතර ඇය ආගමන හා ජාතිකත්ව නීතිය පිළිබද පළපුරුද්ද සහිත නීතීඥවරියක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි නෑයෝනේ. හැම ප්රාන්තෙකටම දැම්මත් කමක් නැහැ.
තව පවුල්වල ටික දෙනෙකුට බඩ පුරවාගන්න වෙන්න ඇති.
සුභ පැතුම්. !!!!!