බිඟුන් මේනක ගමගේ
ඇමැතිවරුන්ට ලබාදෙන නිල රථ සම්බන්ධයෙන් ලේඛන පවත්වාගෙන යෑම මුදල් අමාත්‍යංශය පැහැර හැර ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා චෝදනා කරයි.
මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරින් කැඳවා කළ විමසීමකදී මේ බව හෙළිදරව් වී යැයි සුමන්තිරන් මහතා කීය.
එහිදී මෙතෙක් කල් ඇමැතිවරුන් භාවිත කළ නිල රථවල ලේඛන ගැන විමසූ නමුත් ඊට අදාළ නිශ්චිත ලේඛන ඉදිරිපත් කිරීමට රාජ්‍ය නිලධාරින් අපොහොසත් වී යැයි මන්ත්‍රීවරයා කීය.
ඒ අනුව ඇමැතිවරුන්ට මෙතෙක් කල් නිකුත් කළ නිල රථ සම්බන්ධයෙන් විමසා බලා වහාම ලේඛනයක් සකසන්නැයි රාජ්‍ය මුදල් කාරක සභාව එම නිලධාරින්ට නියෝග කළේ යැයි ද සුමන්තිරන් මහතා කීය.
විෂය භාර ඇමැතිවරයකු ඉවත් වී නව ඇමැතිවරයකු පත්වීමේදී හිටපු ඇමැතිවරයා භාවිත කළ නිල රථය වෙනුවට අලුතින්ම නිල රථයක් ලබාගැනීම ලංකාවේ ඇමැතිවරුන්ට වැළඳී ඇති රෝගයක් යැයි කී හෙතෙම හිටපු ඇමැතිවරයා භාවිත කළ නිල රථය නැවත මුදල් අමාත්‍යංශයට බාර දිය යුතු වුවත් එය බොහෝ අවස්ථාවලදී සිදු නොවන්නේ යැයි අවධාරණය කළේය.
අදාළ ලේඛන පවත්වාගෙන නොයාම නිසා ඇමැතිවරුන්ගේ නිල රථ නැවත භාරදීමේදී දූෂණයක් වීදැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විමසාබලන්නේ යැයි ද සුමන්තිරන් මහතා කීවේය.
අලුත් ඇමැතිවරුන් අලුතින් වාහනයක් ලබාගැනීමට උත්සාහ කළ ද බොහෝවිට ප්‍රතික්ෂේප කෙරෙන හිටපු ඇමැතිවරයා භාවිත කළ නිල රථය ද පැරැණි නැතැයි ද එනිසා මෙම පුරුද්ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව පිටුදැකිය යුතු තත්ත්වයක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.
එසේ ඉවත් කරන ඇතැම් වාහන අඩුම තරමින් මාස හය හතක්වත් පාවිච්චි කර නැතැයි කී හෙතෙම එම වාහන ඇතැම්විට නිශ්චිත ලේඛන පවත්වා නොගනිමින් අදාළ අමාත්‍යාංශයේම නිලධාරියකුගේ භාවිතයට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද කීය.
ඒ අනුව මෙම අත්‍යවශ්‍ය ලේඛන කඩිනමින් සම්පාදනය කරවා ඉදිරි විමර්ශන සිදුකිරීමට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපි පියවර ගන්නේ යැයි ද සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්. වැඩේ කරාවිද කියන එක තමයි ප්රශ්නය. අනික එහෙම ලේඛන තියා ගත්තොත් තමන්ගේ නෑදෑ පරපුරට කොහොමද වාහන දෙන්නේ?
ඔය වැඩේ හරියට කලොත් හොර ගැහිලි එලියට එන්න ඉඩතියනවා. යටි මඩි ගහන තරමට ලේඛන පවත්වාගෙන යන්න බැහැ.
පළවෙනි වතාවට ඒ ගැන හිතලා කතා කරපු දෙයක් අහන්න ලැබුණා. ඔය විදියටම රටේ තියෙන අනිත් ප්‍රශ්නත් මැදිහත්ව හිතලා බලලා කටයුතු කරනවා නම් අන්න එතනයි නියම සංහිඳියාව...
ප්‍රධාන හේතුව කුඩා කාලේ තමන්ගේ දෙමව්පියෝ "රථකල්කේ" දීලා නැහැ. ඉතින් "රථගාය ". සම "හරක්" ඇමතියෝ ඉන්නේ ඔය අඩ අඩ මට පරණ වාහනයක් අරකද, මේකද කියකියා... අඳෝනාව.
ඉතාම හොඳ... කලින් කළයුතුව තිබූ වැඩක්.. අගය කළයුතුයි.
නිල රථ සම්බන්ධයෙන් ලේඛන පවත්වාගෙන නොයන්නේ ඔය කියන ඇමැතිලාගේ වාසියට. අනුමානයක් නැහැ. ඔය වැඩේට උල්පන්දම්දී ඇත්තේ ආණ්ඩුවේම උදවියයි. ඔය ගෙන්නන හැම වාහනයකටම බදු මුදල් ගෙවන මිනිසුන් උදේ සවස ගමන් යන්නේ දුම්රියේ හෝ බස් එකේ දුක් විඳගෙනයි.
රටේ ජාති බේදයකින් තොරව එකතු වෙලා මේ දේශපාලන හොරකම් ටික නතර කරනවනම් රටට යහපතක් වෙයි. ජාතිබේදයට වඩා හොද නරක බේදය රටට හොදය මොන ජාතියේ වුනත් මහජන දේපල අවභාවිත කරන එකෙක් මේ රටේ ද්‍රෝහියෝ විදියට සලකල සමාජයෙන් කොන් කරලා දාන එක හොදය
ඒ කියන්නේ, රටේ ඉන්න නිලධාරීන් නිසා දේශපාලකයින් නොමග ගියා කියලනේ. නිලධාරීන් තමාගේ වගකීම හරිහැටි ක්‍රියාත්මක නොකරන නිසා දේශපාලකයින් අතරමං වී ඇත.
පව් දෙයියනේ...
ඕකට තමයි තුන්වන ලෝකයේ ආශ්චර්ය කියන්නේ.
අපූරුයි. දේශපාලුවෝ සහ නිලදාරියෝ බෙදා හදාගෙනම කාලා තියෙන්නෙ. කෝ මේ ජේවීපී කට්ටිය. පුලුවන්නම් පාර්ලිමේන්තුවෙ 225 ට විතරක් මාසෙකට යන වියදම වාහනවල වටිනාකමත් එකතුකරලා අපිට බලන්න ප්‍රසිද්ද කරන්නකො.