IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමැති ගෝලයාගේ උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධ වේ

(යොහාන් භාසුර)

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිද්දා (28) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය අත්හිටුවන ලෙස ඉල්ලමින් අයඳුම්කරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

එම ඉල්ලීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය පසුගිය 11 වැනිදා පැවැත්වීමට නියමිතය තිබුණ ද ඒ සඳහා වන දැන්වීම් නිසියාකාරව ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් කල්දමා ඇති බවත් මීට පෙර පත්වූ උපකුලපතිවරු කීපදෙනෙක්ම ඉහළ නිලධාරියකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස්වී ඇති බවත් දැනගන්නට තිබේ.

 



අදහස් (2)

ඇමැති ගෝලයාගේ උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධ වේ

Perera Thursday, 27 April 2023 12:20 AM

දේශපාලුවන්ට කඩේ යන්න කැමති මොලයක් නතු මැට්ටෙකුව පත් කරන්න

:       0       2

මොට්ටපාල Thursday, 27 April 2023 06:01 AM

උසස් නිළතල වලට පත්කරන ආකාරයට මේ තනතුර සදහා පත්කිරීම කරන්නෙ නැත්තේ එම තනතුරු අනෙක් තනතුරු වලට වඩා පහල මට්ටමේ තනතුරු නිසාද මෙහෙම දේශපාලුවන්ගේ ගෝලයො මැදිහත්ව උපකුලපති තෝරනවා නම් ඇත්තටම එම තනතුර ගැන බලවත්ම කණගාටුවක් ඇතිවෙනවා එනිසා මේ තනතුරේ ගරුත්වය ඇතිවීමට උසස් නිළතල වලට පත්කරන ආකාරයට පත්කිරීම කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site