
( සුජිත් හේවාජුලිගේෙ සහ යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
ඇගිලි සලකුණු යන්ත්‍ර (FINGER PRINT) භාවිතා කිරිමෙන් තොරව ශ්‍රිලංකා රේගුවේ නිලධාරින් 2335 දෙනෙකුට ඉකුත් වර්ෂයේදි (2024) වැටුප් ,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරි දිමනා වශයෙන් රැපියල් කෝටි 339 කට වැඩි (3,395,867,121) මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවක දැක්වේ
පරිපාලන නීතිය සහ චක්‍රලේඛවලට අනුව සියලු රජයේ සේවකයින් සිය පැමිණිම සහ පිටවිම සටහන් කිරිම සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්්‍ය වේ.
ශ්‍රිලංකා රේගුවේ නිලධාරින්ට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව වැටුප්,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවා ඇතැයි පැවැසෙන සමස්ත මුදල රුපියල් දෙසිය තිස්කෝටි අසුහය ලක්ෂ අනුහතර දහස් හත්සිය හෑත්තෑ හතකි. (2,308,694,777)
එසේම රේගු අතිකාල නැව්බඩු පිරික්ෂා කිරිමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල විසින් රුපියල් එකසිය අටකෝටි ,හැත්තැ එක්ලක්ෂ, හැත්තැ දෙදහස් තුන්සිය හතළිස් හතරක මුදලක්ද (1,087,172,344) ගෙවනු ලැබ තිබුණි.
මෙම සේවකයන් දිනකට පැය 24ක් දක්වා අතිකාල දිමනා ගන්නා බවත් ගෙවිම් සියල්ල පැමිණිම හා පිටවිම පිළිබදව නිසි සනාථ කිරිමකින් තොරව කර ඇති බවත් විගණන අංශ පවසයි.
සියලුම නිලධාරින් ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යෙන්ම භාවිතා කළයුතු බවත් යම් වැටලිම් අවස්ථාවක් හෝ එවැනි යම් රාජකාරි කටයුත්තක් සදහා සහභාගිවිමට අවශ්‍ය විටෙක ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිම අපහසුවන්නේ නම් ඒ පිළිබද අදාළ බලධාරින් විධිමත් පරිදි දැනුවත් කර සුදුසු පරිදි කටයුතු කළයුතු බවත් රාජ්‍ය ගිණුම් කාරක සභා ( කෝපා) රැස්විමේදිද රේගුවට නිර්දේශ ලබාදී තිබීණ
මේ තොරතුරැ සදහන් වන්නේ රේගුව පිළිබද 2024 කාර්යසාධන වාර්තාවට ඇතුළත්කර ඇති විගණන ලේඛනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආණ්ඩුවට හදනවා නම් හැදිය යුතු නැත...
මේක සමස්ත රාජ්‍ය සේවයේම උඩු දුවන ප්‍රශ්ණයක් බව පෙනෙනවා, පැමිණීම සහ පිටවීම සටහන් නොකර වැටුප්, අතිකාල, දිරි දීමනා හා නිවාඩු පඩි වැනි දැ ලබා ගැනීම. ඒ නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට සුදුසු වැඩපිළිවෙළක් ආදේශ කළ යුතුයි.