IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ආහරයට නුසුදුසු කෑම කිලෝ 30 ක් විනාශ කරයි

( රේඛා තරංගනී ෆොන්සේකා)

 සංචරණ සීමා කාලයේදී පස්ස දොරෙන් ආහාර විකුණන වෙළඳසැල් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ තිහක් විනාශ කල බව ශ්‍රි ජයවර්ධනපුර මහ නගරසභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ   මහතා අද  (24) පැවසීය.

සංචරණ ඇඳිරිනීතියද නොතකමින් ඇතැම් වෙළඳසැල් හිමියන් විවිධ ආහාර පාන අලෙවි කිරීමේ නිරතව සිටි බව ඔහු පැවසීය.

මෙවර ආහාර වැටලීමේදී දක්නට ලැබුනු බරපතල සෞඛ්‍ය ගැටලුව නම් පිසින ලද ආහාර පිළියෙල කරන අරක්කැමියන් කොරෝනා සෞඛ්‍ය නීති වලට අනුව මුව ආවරණ පැළඳ නොසිටිම බවද ඔහු පැවසීය.
 වසංගතය වැලැක්වීම සඳහා පනවා ඇති අවම සෞඛ්‍ය නීතිය වන මුඛවාඩම් පැළඳ නොසිටින්නන් විසින් පිසින ලද ආහාර මිලදී ගැනීමෙන් කොරෝනා පැතිරීමේ අවදානම වැඩි බව ඔහු පැවසීය.
එසේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස මැස්සන ගහන පරිසරයකදී මුව ආවරණ නොමැතිව සැකසූ ආහාර විනාශ කල  බව වෛද්‍ය නිලධාරියා පැවසීය.
මෙම වැටලීමේදී සුපිරි වෙළඳ සැල් සහ සාමාන්‍ය වෙළඳසැල් කිහිපයක් වැටලූ බව ද ඔහු පැවසීය. සුපිරි වෙළඳසැල්වල පුස් බැඳුණු ඇතැම් එළවලු පළතුරු මිල අඩුකොට අලෙවියට තබා ඇති අයුරු දක්නට ලැබුණු බවත් ඒවා විනාශ කිරීමට කටයුතු කල බවත් මනෝජ් මහතා පැවසීය.
මෙම වැටලීමට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  වන ලහිරු කරුණාරත්න,පී.ඩී මවුස්සාව යන  නිලධාරින් එක්ව සිටියහ.



අදහස් (0)

ආහරයට නුසුදුසු කෑම කිලෝ 30 ක් විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site