
(විමුක්ති එස්. රුද්‍රිගු)
ආසියානු සංවර්ධන බැංකුව මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමෙරිකානු ඩොලර් කෝටි 40ක ණය මුදලක් ලබා දී ඇත.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට පසුගියදා අත්සන් කෙරිණ.
ඉන් ඇමෙරිකානු ඩොලර් කෝටි 20 ක ණය මුදලක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ලබා දී තිබූ අතර අනෙක් ඩොලර් කෝටි 20 ක ණය මුදල දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ දේපළ සහ ජීවනෝපායන් නැවත ගොඩ නැගීම සඳහා ලබාදී ඇත. වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන කෝටි 20 ක මූල්‍ය සහාය ප්‍රතිපත්ති පාදක ණය මුදලක් ලෙස ලබා දී ඇති අතර ඒ යටතේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උප වැඩසටහන් 1 ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2025 ජාතික ප්‍රතිපත්ති රාමුව සමග අනුකූලවන තිරසාර ආර්ථිකයක් ගොඩනැගිම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd