
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සඳහා වන ආසියා සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂවරිය වන ෂැනන් කව්ලින් මහත්මිය ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සඳහා වන ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ තනතුරට පත් කව්ලින් මහත්මියට සුබ පැතුම් එක් කළ අතර ශ්‍රී ලංකාව සහ ආසියා සංවර්ධන බැංකුව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අගය කළාය. ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා ADB බැංකුව විසින් ලබා දෙනු ලබන අඛණ්ඩ සහයෝගය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
රට නැවත ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව සුළි කුණාටු තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීමට සූදානම් බව ADB නියෝජියෝ අවධාරණය කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව ද සඳහන් කළහ.
මෙම අවස්ථාවට SARDMs හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Cholpon Mambetova, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ ආසියා සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ රංජිත් ගුරුසිංහ මහත්ම මහත්මීහු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd