(අංජුල මහික වීරරත්න)

ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පක්ෂ කාර්‍යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

"අපි සිංහල බෞද්ධාගම  වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි බුද්ධ ධර්මය වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී ඉන්න එක ජාතිවාදය නෙමෙයි.ඒ වගේම බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය වගේම මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතියෙන් ආරක්ෂා කරන අපි පෙනී සිටිනවා ,විශ්වාස කරනවා. මේ රට ගොඩනැගී තියෙන්නේ බෞද්ධ පදනම මත. රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා.ඒ හින්දා අපි බයක් නෑ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.