(එම්.සුසිල් පියන්ත)

ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට පොලිස් ජීප් රථයෙන් ඇල්පිටිය අධිකරණයට  අද(11) දහවල් රැගෙන යමින් සිටි සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු තවත් සැකකරුවකුට  එල්ල කළ වීදුරු බෝතල් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ සැකකරුවෙක් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

 සැකකරු මෙසේ පහරදී අනෙක් සැකකරුට පහරදී  ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටි සීල් කරන ලද තහනම් මත් ද්‍රවය සහිත වීදුරු බෝතලයකින් බවද පොලීසිය කියයි

වීදුරු බෝතලයෙන් පහර දුන් සැකකරු මේ පහරදීම සම්බන්ධයෙන් දෙවැනි වරටත් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ජීප් රථය තුළදීම අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි

පහරදුන් සැකකරු ඌරගස්මංහන්දිය උතුරු මාගල  පදිංචි අයෙකු බවත් පහර කෑමට ලක්වූ සැකකරු ඌරගස්මංහන්දිය පොළතුපළාත ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් පොලීසිය කියයි.