(අජන්ත කුමාර අගලකඩ)
ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන බදු අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත
දේශීය කිරි නිෂ්පාදනයට හානියක් නොවන අන්දමින් මෙම බදු අඩු කිරිම කළ යුතුව ඇතැයි ද කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යංශයට උපදෙස් දී තිබේ .
කිරිපිටි සමාගම් කිරි පිටි ආනයනය සීමා කිරීම නිසා වෙළඳපොළේ කිරිපිටි හිඟයක් මතුව තිබෙන අතර ,එය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම උපදෙස් දී ඇතැයි දැනගන්නට තිබේ.
වෙළදපොලේ පවතින කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ දැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පිටි බද්ද අඩු කිරීම ගැන සොයා බලනවා විතරයි .තීරණයක් ගන්නේ නැත .කිරි පිටි මිල ඉහල දැමීමට අවසර දෙන්නේද නැත .මේ නිසා සමාගම තව බොහෝ කලක් යන තෙක් කිරි පිටි ගෙන්වන්නේද නැත .එතෙක් කුඩා දරුවෝ අනන්ත පීඩා විඳිති .සියල්ලටම මුල ඩොලර් සංචිත හිඟ වීම බව රජය කියන්නේද නැත .සොයා බැලීම් සහ කමිටු හරහා කල් මර මරා සිටිය හැක
මොන බදුද කිරි පිටි වෙළඳ පොලේ නැහැ
ම්ම් ... සීනි වැනි තවත් වංචාවක් දැනේ !