
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් විපක්ෂය දිනෙන් දින එල්ල කරනු ලබන චෝදනාවන් පදනම් විරහිත බව පවසමින් ‘පහනට තෙල්’ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද(30) පැවැත්විණි.
පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ ලේකම් සී.සමරහේවා මෙහිදී පවසා සිටියේ රජයට එල්ලවන අන්තවාදී චෝදනා , පරිසරය විනාශ කිරීමේ චෝදනා ඇතුළු සියලු චෝදනා වලට පිළිතුරු ලබාදීමේ අරමුණත් , රජයට තම සංවිදානයේ සහාය පළකිරීමත් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අසිරිමත් ජාතිය... එක්කෝ ඕනේ නැහැ!!
බෝර්ඩ් අල්ලගෙන ඉන්න කීයක් ලැබුණද? බත් පාර්සලයත් සමග...
ඔව්.. ඔව් කිසිම චෝදනාවක් නැහැ. ඔයගොල්ලෝ ඔහොම ඉන්න.
ඇවන්ට්ගාඩ්ගේ සල්ලි තමයි ඉතින්. එහෙම නැත්නම් විරෝධතාවයේ ඉන්න වැඩි හරියක් බඩේ බත් නැති අසරණ මිනිස්සුන්ට මොකක්ද තියෙන වුවමනාව මේ වෙලාවේදී ආණ්ඩුව කරන මජර වැඩ සාධාරණීකරණය කරන්න.
පමණට තෙල් දාන්න තෙල් හොයා ගත්තේ කොහෙන්ද?
දීකිරි වලට බළලුත් සාක්කියි.. අපි නොදන්න සුද්දවන්තයින්? මොලේ උඩ ඉන්න මෝඩයින් අන්දවන්ට හදනවා.
මෙතුමන්ලාගේ ජනපති සෝවාන් වෙලා නම් අර තමන් බුදුවෙලා කියලා කියන හාමුදුරුවොත් කියන්නේ ඇත්ත වෙන්න ඇති. අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු. සල්ලි දෙනවා නම් තමන්ගේ අම්මවත් දෙයි. කොහොමත් මෙයාලගේ පහන්වලට තෙල් සපයන්නේ රාජපක්ෂ පවුලෙන් වෙන්න ඇති... ඒකයි ඔය රෙදි නැතුවම කඩේ යන්නේ...
මාර සෙනගක් නේද ඉන්නේ? ඒකෙන්ම හැඟී යනවා දැන් මෙයාලා ඉන්න තැන නේද? සන්තෝෂයි..
ඉස්සර බාල පෙට්‍රල් ගෙනාවා. සීනි මගඩිය, පොල්තෙල් මගඩිය, වනාන්තර කැපීම, පාස්කු ප්‍රහාරය යටගැසීම, කුඩු කාරයින්ට ඇමැතිකම් දීම... මේවාට වගකිව යුත්තේ ඉම්රාන් ඛාන්ද?
ඒ බව අපි දන්නවා. ඒ නිසයි අපි යහපාලකයින් කරපු වැරදි මතුකර කතා කරන්නේ...