(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව කී රනිල් වික්‍රමසිංහ මහතා මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද පැවසීය.
ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන යන්න එපා යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977 ට කලින් ධන ආර්ථිකයක් තිබ්බ රට මේ වෙනකොට හිඟන ආර්ථිකයක් දක්වා වර්ධනය කරන්න ඔබලත් හවුල් වුනා , මිනිස්සුන්ට නිකන් දෙන්න දේවල් තියෙනවා ,ඒ දීල පසු විපරම් කරන්නේ නැහැ ,හැම දාම නිකන් දීල ඒවායින් වෙන ප්‍රතිපල හොයන්න කවුරුවත් නැහැ. දෙගොල්ලොම චන්දෙ ගන්න බැරි දේවල් කරන්න ගත්ත.
පීඩිත පන්තිය නැතන් දේශපාලකයෝ කෙහේද
දැන් නම් විපක්ෂයක් තියනව කියල දැනෙනවා.
අන්තිමේදී උගත් හා පළපුරුදු නායකයෙකු පාර්ලිමේන්තුවේ ඇත..
දැන් ජීවිතය ඉතා වෙහෙසකර ය. විදෙස් රැකියාව කර ඉපයූ මුදළින් ඇරඹූ ස්ථීර තැන්පතුවට ලැබෙන්නේ ඉතා සොච්චම් පොළියකි. එයින් ජීවත් විය නොහැක . ....... තරුණ නොවන අපව රැකියා වලට ගන්නේ ද නැත. කරන්නේ කුමක්ද කියා නොතේරේ.... නැවත කලින් තිබූ පොළියට රට අනුවර්තණය වූවොත් ඉතා හොඳය. දැන් ඇත්තේ කලකිරීම පමණකි.
අර්ජුන සර්
ඔබතුමා ඩීල් දැම්මේ නැත්නම් රාජපක්ෂ රෙජීමය බලයට පත්වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඉන්ධන මිල සූත්‍රය ඇතුළු පොඩි මිනිහාට වාසි දේවල් තවම තිබෙනවා.
එජාපය මොනතරම් ප්‍රබුද්ධ නායකයින් හිටපු පක්ෂයක්ද? අද මේ මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවට රින්ගාගෙන කරන්නේ විකාරෙ වැඩ... හැබෑටම ලැජ්ජා නහර කපලා ඇති. හිතාගන්න පුළුවන්නේ මෙයා වටේ ඉන්නේ තමන්ගේ ආසනයත් පැරදුණු ටිකනේ...
එතකොට අර්ජුන් ඇලෝසියස් පොඩි මිනිහාද? ලොකු මිනිහාද?
අර කොහේදෝ යන සිරිසේනව ගෙනැල්ලා රට කෑවා. දැන් මගුලක් කතා කරනවා.
අන්තර්ජාලයේ පළවූ පුවතක්. උපුටාගැනීම " නැවත පාර්ලිමේන්තුවට ගිය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතමින් එක්තරා මාධ්‍ය ආයතනයක් මඟින් කොළඹ නගරයේ විශාල පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර ඇත. පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිර්දය ලෙස විවේචනයට ලක්කලේ එම මාධ්‍ය ආයතනය විසිනි. එපමණක් නොව වික්‍රමසිංහ මහතා එජාප නායකයත්වයෙන් පහ කිරීම සඳහා එම මාධ්‍ය ආයතනය එළිපිටම කටයුතු කළ අතර පසුගිය කාලය තුළදී එජාපය තුළ ඇති වූ ගැටුම්, පක්ෂය අතහැර යෑම් පසුපස සිටි එක් ප්‍රධාන පාර්ශවයක් වන්නේද එම ආයතනය බව බොහෝදෙනාගේ මතය වී ඇත. එසේ කටයුතු කළ එම ආයතනය, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය මේ ආකාරයෙන් සැමරීම ඇතැම්විට අලුත්ම දේශපාලන උපක්‍රමයක්, පෙරළියක් විය හැකිය. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේ නිකන්ම නොව විපක්ෂ නායකත්වය ලබා ගැනීමට හා සමගි ජන බලවේගය භේදකර මන්ත්‍රීවරුන් පිරිසක් යළිත් පක්ෂයට බිලිබා ගැනීම සඳහා යැයිද, ආණ්ඩු පාර්ශවය තුළ කලකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක්ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට සූදානමින් සිටින බවටද පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය." උපුටාගැනීම අවසන්...
අර බැංකුමංකොල්ලකාරයින්ට මොකද වුනේ
හිඟාකන ජනතාවගේ දුක තේරෙන්න, හිඟාකන ජනතාවගේ තැනටම වැටෙන්න ඕනේ කියනවනේ...
මහ බැංකුව කැඩුවේ... එක්කෝ ඕනෑ නෑ...!!!
දේශපාලකයන් කවද්ද ජනතාව ගැන හිතුවේ? වඩා වැදගත් වුනේ තමන්ගේ පැවැත්ම සහ බලය පමණයි. ඡන්දයක් කිට්ටු වුණාම තමා ජනතාව මතක් වෙන්නේ. බොරු බේගල්, සුරංගනා ලෝක, සෞභාග්‍ය, මෙකී, නොකී දේවල් මවාපාලා ජනතාව ගොනාට අන්දලා බලය අරන් ජනතාවටම කෙළිනවා.
සුපුරුදු කතා නැවතත් මිලිටරිකරණය... ඒ කියන්නේ හමුදා හිරේ දැමිය යුතුය කියන එකද? බැචල් කියන දේ කරන්න කියන එකද? පොඩි මිනිස්සු දැන් ද මතක් වුනේ? අගමැති කාලේ හිටපු ලොකු මිනිස්සු දැන් ඇති වෙලාද?
හලෝ ලොක්කා අපි මැරිලා ඉපදුනේ නැහැ. මතකද වට 15% කරලා පිටරටින් කුස්සි අම්මලා එවන ඩොලර් 100ටත් බදු ගැහැව්වා. අපි බැංකුවේ දාපු ග්‍රටිවිටි පොලියටත් බදු ගැහැව්වා... එ්කෙන් තමයි අපි බෙහෙත් ටික ගත්තේ.... ඝෝඨාභය ගේ පලවෙනි වාදය අපිව ඒ බදුවලින් නිදහස් කිරීමයි ලොක්කෝ...