(අංජුල මහික වීරරත්න සහ විමුක්ති එස් රුද්‍රිගු)

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය උපකරණ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහන විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA රසායනාගාරයට ලබාදී තිබේ.

අදාළ උපකරණ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියොජිත Azusa Kubota මහත්මිය විසින් රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපිටදී අද (15) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරු මාවත පිහිටි එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු විය.

එම උපකරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය සහ එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියොජිත Azusa Kubota මහත්මිය අතර උපකරණ භාරදුන් බවට ගිවිසුම් වෙනුවෙන් අත්සන් කිරීම ද සිදු විණි.

රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රගතිය සහ නවීණ පරීක්ෂණ උපකරණවල අවශ්‍යතා ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩබලන රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා, එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියොජිත Azusa Kubota, ශ්‍රි ලංකාවේ කැනඩා මහ කොමසාරිස් Isabella Martin මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.