(අංජුල මහික වීරරත්න)

මෙරට කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් (Isabelle Marie Catherine Martin) මහත්මිය සහ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (15) පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා සිදුව තිබේ.

විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කරමින් මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම දෙරට අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

මීට අමතරව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි සහයෝගීතා වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා සිදුවිය.