IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ අවලාදවලට සිකුරාදා උත්තර ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදු කෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල  මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව ද රාජපක්ෂ මහතා කීය.

ආණ්ඩුවේ අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ කීය.

'' මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින්  අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා.දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි '' යනුවෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (12)

ආණ්ඩුවේ අවලාදවලට සිකුරාදා උත්තර ලැබෙයි

රනේ Wednesday, 19 November 2025 12:52 PM

ඉතින් ප්‍රශ්නෙත් ඕගොල්ලන්ගෙම නේ?

:       5       11

pradeep Wednesday, 19 November 2025 01:07 PM

රට බංකොලොත් කරපු උඹලාට ආයේ අපිව ආයේ රවට්ටන්න බෑ බොරුවට සෙනඟ 1000 වත් දාන්න බැරි නුගේගොඩ හන්දියේ රඟන්නේ නැතුව ලොකු පිට්ටනියකට පලයල්ලා

:       11       20

AMILA Wednesday, 19 November 2025 01:20 PM

අපිත් බලාගෙන ඉන්නේ සිකුරාදා වෙනකන් තමයි. තව මී හරක් කීයක් විතර ඉතිරිවෙලා ඉන්නවද කියල බලා ගන්න.

:       30       26

අරවින්ද මොණරවිල Wednesday, 19 November 2025 01:28 PM

විසි එක් වෙනිදාට ඔබලා හැමෝටම ජනතාව උත්තර සපයාවි.

:       24       14

සෙනෙවිරත්න Wednesday, 19 November 2025 01:32 PM

ජෙප්පන්ට රාජපක්ෂලට ගහන්න තවත් මඩ ඉතුරු වෙලා නෑ. ගහපු මඩ ජෙප්පන්ගේ රෙදිත් එක්කම හේදිලා ගිහින්. ආයිත් 3%ටම මොවුන් වැටෙනවා. සැකයක් නෑ.

:       25       29

මැක්ස් Wednesday, 19 November 2025 01:48 PM

කියූ බොරු පත්තු වී ඇඳං ඉන්න වස්තරයේ අසූචි ගෙස් ඒවා හත් පොලේ ගාා ගෙන සිටින බේගල් මාලිමාවට සහ සේදුම් වෙබ්කරුවනට හැකි එකම දේ අනුන්ට අවලාද නැගීම පමණි.

:       15       14

Nishan Wednesday, 19 November 2025 01:59 PM

21 ගැන ආණ්ඩුව විතරක් නෙවෙයි පැලවත්තේ කුලී ඩෝබි හමුදාවත් ගොඩක් කලබල වෙච්ච පාටක් තමයි හතර දික්බාගෙන්ම පේන්න තියෙන්නේ.

:       14       14

සුදා Wednesday, 19 November 2025 04:24 PM

මේ නාමල් නිසා අපිට දැන් නා ගසුත් එපා වෙලා අප්පා..

:       2       1

විපරමා Wednesday, 19 November 2025 04:42 PM

තමුන් හොරට ලියලා විභාග පාස්වෙච්චි හොර පෙරකදෝරුවෙක් බවට ඕන තරම් සාක්ෂි තියෙනවා. දුෂිත පවුල් පාලනේ උන් කවද්ද ඇත්තක් කිව්වේ. බොරුවෙන් රටම අන්දවපු එකමනේ කවදත් කෙරුවේ ?

:       2       4

de silva Wednesday, 19 November 2025 06:16 PM

ජේවිපි එකට ඡන්දෙ දුන්නේ පොහොට්ටුවේ බයියෝ සෙට් එක , සැගවුන බයියෝ අමතක කරන්න එපා , බලමු මොකද වෙන්නේ කියල ?

:       0       2

Neel Wednesday, 19 November 2025 08:01 PM

කවුරු කොහොම කීවත් නාමල් රාජපක්‍ෂ කියන්නේ හොඳ හැකියාවක් තියෙන තරුණ මන්ත්‍රී කෙනෙක්. මොකද කියනවා නම් වේඩින් එකේ ලයිට් බිල ගෙවන්නත් නියම ගේමක් දීලා සනත් නිශාන්තට බාර කලා. කොහොමද ටිකිරි මොලේ.

:       1       2

ගමේ එකාලා Wednesday, 19 November 2025 08:47 PM

බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ උන් මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආස්චර්‍ය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් කන්දරාවක් කියලා ජනතාව රවට්ටලා බලය අරන් පවුලේ උන්ව කිට්ටූ කරගෙන රටම හොරාකාලා විනාශ කෙරුවා. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ර්‍රිරී මාංශ හූරගෙන කාපු ලේ මාපිල්ලු . සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවපු හැටි ලෝකෙම දන්නවා. අධිකරණය පවා දේශපාලණීකරණය කරපු එකාලා. වහල්ලූ හිතාගෙන ඉන්නේ අපි ඇස් කන් නැති මැරිලා ඉපදුනු අය කියලා. ජනතාව එළවලාම දැම්මේ නිකම්ද ?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 929 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site