IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


අසූර් එයා ලංකාවට

(ටී.කේ.ජී.කපිල)

රුසියාවේ සිට එහි තවත් විශාල ගුවන් සේවයක් වන අසූර් එයා (Azur Air) ගුවන් සේවයේ පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන  පැමිණියේය.

රුසියාවේ ප්‍රධාන නගර 04 ක් වන වෙනුකෝවෝ  (Venukovo), ටොල්මැචේවෝ  (Tolmachevo), ක්‍රාස්නෝයාස්ක් ( Krasnoyarsk ) සහ සාන්ත පිටස්බර්ග්  (St:Petersburg) යන නගර වල පිහිටි ගුවන් තොටුපළ වල සිට සතියකට දින 04 ක් , එනම් බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා යන දින වල මෙම  ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම  පළමු ගුවන් යානය රුසියාවේ සිට රුසියානු සංචාරක ගුවන් මගීන් 333 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත අද (03) උදෑසන 09.45ට පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



අදහස් (10)

අසූර් එයා ලංකාවට

Perera Thursday, 03 November 2022 01:23 PM

කට්ටිය බැහැල එන්නෙ නිකම් සූර් වෙලා වගේ තමයි.

:       99       6

AlfreadFriday, 04 November 2022 09:33 AM

රටට චූටි හරි සංවර්ධනයක් පේනකොට නිකන් කහනවා කහනවා වගේ දැනෙනවාද.. කුණු කතාවක් නොකියා ඉන්න බෑ කියා හිතෙනවාද.. එහෙනම් ඔබ එක්තරා කුණු දේශපාලන පක්ශයක වහලෙක් වන අතර ඔය රෝගය ඉරිසියාව ලෙස හඳුන්වනු ලැබේ. මෙම රෝගය තමන්ම හොඳ කර ගත යුතු අතර බෙහෙත් නොමැත. සුව වූවෝ විරලය.

:       3       40

sharm warn Thursday, 03 November 2022 02:28 PM

අයියෝ මේ මොන රටක්ද? ගෑස් නැවක්, ඉන්ධන නැවක්, ගුවන් යානාවක් ආයාම මහ උත්සව තියලා පිළිගන්න තරම් අහේනියට වැටිච්ච රටක් ද මේක? මේකේ ඉන්න පාලකයෝ කියාගන්න පාදඩයින්ට නම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තටම නෑ. හැබැයි අපිට ලැජ්ජයි. මොකද අපි මෙච්චර පහත් විදියට ජීවත් වුණේ නෑ. රටේ මාන අමාරුකම් තිබුණත් අපි අපේ ATM කාඩ් එකනේ සල්ලි ගන්නකොට අප්පුඩි ගැහුවෙ නෑ.

:       163       23

BamunuarachchiThursday, 03 November 2022 04:56 PM

මේ වගේ සෘණ අදහස් දරන කාලකන්නි ඉන්නකන් රටකට හරියන්නේ නැත.

:       20       102

Dil PereraThursday, 03 November 2022 09:32 PM

Sharm Warn, ඔයාට නම් තිබෙන්නේ ලොකුම ඔලුවේ අමාරුවක්. අපේ දුප්පත් ජනතාව මැද පෙරදිග රටවලට ගිහින් ගෙවල්වල වළං හෝඳන එකෙන් පටන් ගත්තාම කාන්තාරේ- අව්වේ වේලි වේලි ගොඩනැගිලි ඉදිකිරීම් වැනි අමාරු රැකියාවල විදින දුක ඔබ දැක නැතුවා වගෙයි. අපේ රටට ආවේනික , සංචාරකින් ආකර්ෂණය වන දේ පේන්න, ඔවුන්ව අමුත්තන් ලෙස පිළිගෙන ඔවුන්ව සංතෝෂකර , එමගින් තවත් සංචාරකයින් රටට ගෙන්වාගෙන රටට අද අවශ්‍ය විදේශ සංචිත හොයා ගැනීමට ශ්‍රී ලාංකික පුද්ගලික සහ රාජ්‍ය අංශ එකට එකතුව කරන මේ කාර්යයට ස්තූති නොකර බල්ලෙක් වගේ උඩු බුරන්න එපා. ලංකාදීප පත්තරෙන් අපට අදහස් දැක්වීමට දී ඇති මෙම අවස්ථාවෙදි මොළයක් ඇති, මනුෂ්‍යයෙක් ලෙස හැසිරෙන්න.

:       11       96

Kumar (Gulf) Thursday, 03 November 2022 10:47 PM

මිග් හොරු, පිළිගැනීමේ උත්සවයට ගිහින් තිබුණා. මාෆියා රට.

:       54       4

BamunuarachchiSunday, 06 November 2022 07:36 AM

හොයලා බලන්න රටට වැඩක් කලේ ඔය හොරු කියන මිනිස්සු තමයි. අනික් එවුන් කලේ වැඩක් කරන මිනිසුන්ට හොරු හොරු කියන එක විතරයි.

:       4       1

nihal Friday, 04 November 2022 01:12 AM

මේ කට්ටිය ආපසු නොයා මෙහෙ නවතින්න ඉඩ තියෙනවා. මොකද යුද වාතාවරණය නිසා . කොහොම වුණත් ජයවේවා.

:       18       1

ඒ.සී. ඒම්. ඉනායතුල්ලා Friday, 04 November 2022 06:55 AM

ලොකු ප්‍රචාරය කරලා පම්පෝරි ගැහුවට වැඩක් නැහැ .ලාංකික හොරුන් හා බ්‍රෝකර්ලාගෙන් ඔවුන් ආරක්ෂා කර ඒ මිනිස්සුගේ සල්ලි හොරකම් කරන ලාංකික හොරුන්ගෙන් හා මංකොල්ල කාරයින්ගෙන් ඔවුන් ආරක්ෂා කර ඒ මිනිස්සුන්ගේ ගමනේ පරමාර්ථය ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම රජයේ වගකීම හා ඒවාට වග විය යුතුය

:       4       13

siri Friday, 04 November 2022 03:35 PM

ඔය සංචාරකයින් ගෙන්වන්නේ යුක්‍රේනයේ ඉස්සර අපේ තානාපති වෙලා හිටපු කෙනා නේද ? දැන් යුක්‍රේන යුද්ධය ඇවිලිගෙන යන නිසා රුසියානු හමුදාවට බලෙන් මිනිස්සු බඳවාගන්න එකෙන් බේරෙන්න සංචාරකයින් හැටියට මේ ගොල්ලෝ මෙහාට පනිනවාද කියන්නත් බැහැ. එහෙමනම් මේ එන කට්ටිය යුක්‍රේන යුද්ධය ඉවර වෙනකල්ම මෙහෙ ඉඳීවි. නියම වැඩේ.

:       13       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1814 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1476 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site