(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපෘතිය වී ඇත්තේ අසභ්‍යකරණය වූ විපක්ෂය සභ්‍යකරණය කිරීම බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

විදුලි සංදේශ යටිතල පහසුකම් හවුලේ භාවිත කිරීම හරහා මේ රටේ ජන සමාජයට දැවැන්ත වාසියක් එකතු වෙනවා.මෙය පරිසර හිතකාමී ක්‍රියා මාර්ගයක් ලෙස ගන්න පුළුවන්.එමෙන්ම නගර සැලසුම්කරණයේදී මෙය ඉතා පහසුවක්.එමෙන්ම අධික වියදම් සහිත යටිතල පහසුකම් එකිනෙකා වෙන වෙනම ගොඩ නගනවා වෙනුවට ඒවා පොදුවේ භාවිත කිරීම හරහා ප්‍රාග්ධනයේ ඉතිරියක් සිදු වෙනවා.ඒ මුදලේ වාසිය නැවත ජන සමාජයට ලැබෙනවා.ඒකාධිකාරයන් බිඳ දැමීම  සඳහා මෙවැනි නියාමනයන් අවශ්‍ය වෙනවා. අධ්‍යාපනයේ අසභ්‍යකරණයක් ගැන විපක්ෂයේ උදවිය කතා කළා. ඇත්තටම අසභ්‍යකරණයට ලක්වෙලා තියෙන්නේ මේ විපක්ෂය.අපේ ව්‍යාපෘති වලට අමතරව විපක්ෂය සභ්‍යකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නත් අපට සිදුවී තිබෙනවා.අසභ්‍ය කෑල්ලක් මේක ඇතුලට ඔබන්නේ නැතිව ඔවුන්ට කිසිවක් කතා කරන්න බැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.