( තිළිණි ද සිල්වා )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (10) නිවේදනය කළ බව එරට පළවන ගල්ෆ් ටයිම්ස් පුවත සේවය වාර්තා කළේය.
‘ගල්ෆ් නිව්ස්’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද කොරෝනා වයිරසය වැළදුණු රෝගීන් 15 දෙනකු හමුවූ බවත්, ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය.
ඉතිරි සෙසු පිරිස අතර ඉතාලි ජාතිකයින් තිදෙනෙකු ද ,එමීර් ජාතිකයින් දෙදෙනෙකු ද, බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු ද, ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ද, ඉරානය, ජර්මනිය, ටැන්සානියාව සහ දකුණු අප්‍රිකාවෙන් එක් අයෙකු බැගින් සිටිති.
ලාංකිකයින් දෙදෙනා සමඟ මේ වන විට එමීර් රාජ්‍යයෙන් කෙරෝනා වෛරසය ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වන බව ද ගල්ෆ් ටයිම්ස් වාර්තා වේ සදහන් වේ.
මේ වනවිට ලාංකිකයින් දෙදෙනා ඇතුළු පිරිස අබුඩාබි හි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද එම පුවත් සේවය වාර්තා කර ඇත. එසේම ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වාර්තා වේ දැක්වේ.
මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් එමීරයේ සියලුම පාසල් වසා දැමීමට ද එමීර් බලධාරීන් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලෝ දෙන්නට දෙවි පිහිටයි. ඔය අරාබි රටවල් වල පාසල් වසා දැම්මට නම් කමක් නැහැ. අවුරුද්දක් දෙකක් වැසුවත් කමක් නැහැ. මොකද ඔය අරාබි රටවල ඉන්නේ මෝඩයින්... ඉස්කෝලේ ගියත් මෝඩකම එහෙම්මයි.