(අංජුල මහික වීරරත්න)

අර්බුදයේ නිර්මාණකරුවා වන්නේ නිසි වේලාවට  තීන්දු නොගත් ජනාධිපතිවරයා බව කරුණු සහිතව ඔප්පු කළ හැකි යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රටේ මෙතරම් ඩොලර් හිඟයක් තිබියදීත් වැරදි තීන්දු තීරණ නිසා ආණ්ඩුව නිරපරාදේ ඩොලර් පුච්චමින් සිටින බව කී මුජුබුර් රහුමාන් මහතා ලංකාවට පැමිණි ගෑස් නැව් දෙක බාගන්නට නොහැකි වීමෙන් එක නැවකට දවසකට ඩොලර් 18000ක් ගෙවන්න සිදු වු බවත් එය ලංකාවේ මුදලින් කෝටි 12ක් බවත් සඳහන් කළේය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබුර් රහුමාන් මහතා කීවෙි බඩේ බත් නැතිව සිටින ජනතාවට තවත් කරන්නැයි කියන කැපකිරීම් මොනවාදැයි ජනාධිපතිවරයා විස්තර කළ යුතුව ඇති බවයි.