
(යොහාන් භාසුර)
හිටපු අමාත්‍යවරයෙකු වූ අර්ජුන රණතුංග සහ ඔහුගේ සහෝදරයෙකු වන ධම්මික රණතුංග යන මහත්වරු කළේ බව කියන රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා අදාළ ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අර්ජුන රණතුංග මහතා ලංකා ඛනිජ සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙම මුදල් අවභාවිතාව කර ඇති බවය.
එම කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අර්ජුන අනතුංග මහතාගේ සහෝදරයකු වන ධම්මික රණතුංග මහතා කටයුතු කර ඇති බව ද මහවත්ත මහතා කීය. එම දෙපළ කර ඇති බව කියන මෙම මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් 2019 වසරේදී ගොනු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කරන විමර්ශනය මේ වන විට අඩපන වී ඇති බවත් එලෙස විමර්ශන කටයුතු නවතා තිබීම සැකයට කරුණක් බවත් ඔහු සදහන් කළේය.
"මෙම සිද්ධිය පිලිබදව අධිකරණයට කරුණු වාර්තා වෙලා තියෙන්නේ. අපි අහන්නේ දේශපාලන බලය නිසාද මෙම විමර්ශන අඩපන වෙලා තියෙන්නේ. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගත්තා නම් ඒ, වගේම තවත් හිටපු ඇමතිවරු අත්අඩංගුවට ගත්තා නම් මෙම විමර්ශනය විතරක් ප්‍රමාද වෙන්නේ ඇයි. එක්කෝ ඔවුන් වැරදිකරුවන් වෙන්න ඕන, නැත්තම් නිවැරදිකරුවන් වෙන්න ඕන. එම නිසා මේ සියල්ල ගැන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා. මේ ගැන විමර්ශන කඩිනම් කරන්න කියලා." යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත පවුල් පාලනේ අය වගේම තවත් දූෂිතම පවුලක්. මහ එකා රෙජී රණතුංග ඇමති වෙලා ඉන්නකොට සමූපේ නැති බඩු ගෙදර ගොඩ ගහලා,දේසපාලනෙන් හොරා කාලාම බඩවඩා ගත්තු දූෂිතයෝ.
හොරකම් කලා කියලා හිරේ දැමීමෙන් වෙන්නේ ජනතා බදු මුදලින් ඔවුන්ට හිරේදී කන්න අඳින්න දෙන්න වීමයි, හිරගෙවල් හදන්නයි, ඒවායේ සේවයට අළුතෙන් බඳවාගන්න නිළධාරීන්ට පඩි ගෙවන්න ජනතා බදු මුදල් වියදම් වීමයි විතරයි. කළ යුත්තේ ඒ හොරකම් කරපු ගාණ හරියටම ගණනය කරලා ඔප්පු කරලා ඔවුන්ගෙන් ඒ මුදල් ආපසු අය කර ගැනීමයි. ඒක නොකර වෙන කිසි දඬුවමක් දීලා වැඩක් නෑ...
මොවුන්ගේ වැඩිමල් හොරා, ගන්නේ නැත්තේ බයටද?
පුළුවන් නම් ගනිල්ලකෝ...