
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පාර්ලිමේන්තු ආපන ශාලාවේදී අද (21) තමාට මරණ තර්ජන කළ බව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ගැටලුවක් සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්නයක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් ෆයිසාල් මහතා උරණ වී මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවත් අර්ච්චුනා මහතා චෝදනා කළේය.
තමාට මරණ තර්ජනය එල්ල කළ ස්ථානයේ සීසීටීවී කැමරා තිබූ බව කී රාමනාදන් අර්ච්චුනා මහතා ඒවා උපයෝගි කර ගනිමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය
කතානායක:
මට ලිඛිතව පැමිණිලි කරන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ! මේ අවලම් කට වාචාලයට තර්ජනය කරලා විතරක් මදි.. හොම්බට දෙකක් ඇනලා පාර්ලිමේන්තුවෙනුත් පන්නා දමන්න ඕනෑ.. ප්‍රභාකරන් දෙවියන් කියලා අදහන මේ මෝඩයා අපිටත් කියන්නේ දේශපාලකයින්ව දෙවියන් වගේ අදහන්න කියලයි.
මම හිතුවේ මරණ දඬුවම කියලා ...දෙපාරක්ම කියවපුවාම තමයි නිවුස් එක හරියට තේරුනේ. අපරාදේ මිස් උනා
ඔය මනුස්සයා පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉදළාම අවුල්. මොලේ විකාර වෙලා කියවනවා...