
(තුසිත කුමාර ද සිල්වා)
අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් බේරුවල මුහුද මැද පවෙම්න් තිබියදී ඊ නාව්ක හමුදාව මගින් සොයාගෙන් ගෙන ගොඩබිමට රැගෙන විත් බේරුවල පොලීසියට බාර දුන්නේය.
මුහුදු සැතපුම් 3 කට ආසන්න දුරක මුහුදේ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක ගෝනි දෙකක් පාවෙමින් තිබෙන බවට එම කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක කේ. කේ. දයාසේන මහතාට ලද තොරතුරක් මත නාවික හමුදාව දැනුවත් කිරීමෙන් පසු නාවික හමුදා යාත්‍රාවක් උපයෝගී කරගන එම ගෝනි දෙක බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ මධ්‍යම යාන්ත්‍රික වැඩපල අංගනය වෙත රැගෙන එන ලදී.
ගොඩබිමට රැගෙන ආ ගෝනි දෙකෙහි තිබූ විවිධ වර්ණයන්ගෙන් පැහැගැන්වූ ඇසුරුම් පැකට් 41 ක් තිබූ අතර, එම පැකට් තොගය බේරුවල පොලිසිය මගින් පෑලියගොඩ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය වෙත භාරගත් අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නෙ මාලු ගණන් මේකයි. මොකද දැං මාලු ගේන බෝට්ටු නැ. ටිකයි තියෙන්නෙ අනිත් ඒවා ඔක්කොම ලෝකෙ වටේ අයිස් බෙදනවා. මාලුු කල් තියාගන්න...