IMG-LOGO

අයිඩියල් ෆස්ට් වොයිස් GULF ලුබ්රිකන්ටින් ලංකාවට හඳුන්වා දෙයි

මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් වොයිස් පෞද්ගලික සමාගම විසින් ජාත්‍යන්තරව පිළිගත් GULF ලුබ්රිකන්ටින් මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

ලොව පුරා රටවල් 100කට අධික ගණනක ජාත්‍යන්තරයට පිළිගැනීමට ලක්ව ඇති Gulf ලුබ්රිකන්ටින් ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf ලුබ්රිකන්ටින් ඉන්දියා සමාගම විසින් අයිඩියල් ෆස්ට් වොයිස් පෞද්ගලික සමාගම පත්කර ඇති අතර Gulf ලුබ්රිකන්ටින් සන්නාමය මෙරටට හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකෙරිණි.

Gulf ලුබ්රිකන්ටින් යනු ඩුබායි කේන්ද්‍ර කරගත් ලිහිසි තෙල් නිෂ්පාදන ව්‍යාපාරයක් වන අතර මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික ගණනක පිළිගැනීමට පත්ව ඇති ලිහිසි තෙල් සන්නාමයකි. සියලුම රථවාහන, කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් Gulf ලුබ්රිකන්ටින් විසින් නිෂ්පාදය කර බෙදා හරිනු ලබයි.

Gulf ලුබ්රිකන්ටිස් ඉන්දියා සමාම යනු, ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් දහයෙන් එකක් වන Hinduja ව්‍යාපාර සමූහයේ එක් ව්‍යාපාරික අංශයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Gulf ලුබ්රිකන්ටිස් ඉන්දියා සමාගමේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ගගන් මුතූර් මෙසේ මහතා, මෙසේ පැවසීය. Gulf ලුබ්රිකන්ටින් නැවත ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සම්බන්ධව ඉතාමත් සතුටට පත්වෙනවා. අප අත්වැල් බැඳගත්තේ අයිඩියල් සමූහය සමගයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන නලීන් වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ Gulf ලුබ්රිකන්ටින් ඉතා උච්ඡම ස්ථානයකට ඔසවා තබන බවට අපට ඉතාම විශ්වාසයි.

අයිඩියල් සමූහය ඉදිරියේදී Gulf ලුබ්රිකන්ටින්හි ශ්‍රී ලංකාවේ නිත්‍ය බෙදාහරින්නා ලෙස කටයුතු කරන අතර අප වටිනා පාරිභෝගිකයන් හට අපගේ නිෂ්පාදන ඉදිරියේදී මිලදී ගැනීමට කටයුතු සැලසෙනු ඇත.
අශෝක් ලේලන්ඩ් සමාගම Hinduja සමූහයට අනුබද්ධව කටයුතු කිරීම මගින් අපගේ වෙළෙඳපොළ කොටස වර්ධනය කර ගැනීමට එය රුකුලක් වෙනවා. අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනයට අප භාන්ඩවල උසස් තාක්ෂණය රුකුලක් වෙයි කියලා.

මේ පිළිබඳව අදහස් දක්වමින් අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් වොයිස් අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා මෙසේ පැවසීය.

ලෝකයේ රටවල් රැසකම පිළිගැනීමට පත්ව ඇති Gulf ලුබ්රිකන්ටින් ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස අයිඩියල් ෆස්ට් වොයිස් සමාගම පත්කිරීම පිළිබඳව අප බෙහෙවන් සතුටට පත්වෙනවා. ඇමරිකානු තත්ත්ව සහතික වලට අනුගතව (american petroleum institute) නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන Gulf ලුබ්රිකන්ටින් අයිඩියල් ෆස්ට් වොයිස් සමාගම හා එක් වීමෙන් මෙරට පාරිභෝගිකයන්ට සුවිශේෂි ලිහිසි තෙල් සන්නාමයක් ලබාදීමට හැකි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා. තත්ත්වය උසස් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලබා දිය හැකි Gulf ලුබ්රිකන්ටින් අප හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම Gulf ලුබ්රිකන්ටින් සඳහා ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රීක්කයක්ම පාසාම අලෙවි නියෝජිතයන් පත් කිරීමේ කටයුතු අප මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. යතුරු පැදි, ත්‍රීරෝද රථ, වෑන් කාර් ඇතුළු සියලුම රථවාහන සඳහා මෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය ලිහිසි තෙල් GULF ලුබ්රිකන්ටින් සන්නාමය යටතේ රට පුරා බෙදා හැරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපගේ අලෙවි නියෝජතියන් සහ අලෙවි කණ්ඩායම හරහා Gulf ලුබ්රිකන්ටින් පිළිබුඳව දැනුවත් කිරීමට තාක්ෂණික දැනුම ලබා දීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර තිබෙනවා. අපට අවශ්‍ය වුණේ තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට ලබා දීමටයි.  



අදහස් (0)

අයිඩියල් ෆස්ට් වොයිස් GULF ලුබ්රිකන්ටින් ලංකාවට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 539 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 966 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site