(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ආදිල් අමිස් නැමැති 24 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබඳව මීට වසරක පමණ ඉහතදී ද පොලිස් නිලධාරීන්ගේ සැකයට භාජනය වූ අයෙක් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇතැයිද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදෙස් මාධ්‍ය වලට පිටරට ත්‍රස්ත සංවිධානයකට බැඳුන කියල අත්අඩංගුවට ගන්න බෑ නීති නෑ කියල.. එතකොට මේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නැද්ද?
සරත් ෆොන්සේකාගේ කතාව 100% නිවැරදියි වගේ. ඔහුගේ යුධමය දැනුම හා ප්‍රවීණත්වය, උපකල්පන ඔහු තමාගේ විෂයෙහි විශිෂ්ටයෙක් බව තහවුරු කළා. දේශපාලනයෙන් තොරව. කලියුගයේ ඉපදී අපි විදවනවා නොවේද...
මොකද? දන්නේ නැහැ කියන්නේ.....