IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ අවදානමක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදඟන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (26) පෙරවරුවේ කරුණු විමසා ඇති බවත් සාමාජිකත්වය තහනම් නොකරන ලෙස ක්‍රිකට් පරිපාලනය අයි.සී.සී.යෙන් ඉල්ලා ඇති බවත් දැනගන්නට තිබේ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්ව අත්හිටුවීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ඉන්දියාවේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමිවනු ඇත. 



අදහස් (9)

අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ අවදානමක්

සෑම් Wednesday, 26 April 2023 11:40 AM

අනිවාර්යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න. ක්‍රිකට් වලට විතරක් නෙමෙයි රටේ සියළු ස්වාදීන ආයතන වලට පාදඩ ජඩ හොර දේශපාලුවන්ගේ බලපෑම් තියනවා .

:       4       46

samanWednesday, 26 April 2023 12:46 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙත් ඉන්නේ කම්බ හොරු, ඒවාට එරෙහිව කතා කරන පාලක පක්ෂත් හොරු. එකක් තියෙනවා ලංකාවේ ක්‍රිකට් දියුණු කළේ රජය මැදිහත් වෙලා, ගාමිණි දිසානායක, සතයක්වත් පඩි ගන්නේ නැතිව වැඩකරපු චන්ද්‍ර ශාෆ්ටර්... ආනා පුංචි හේවා, පිට ජොබ් එකක් කරන ගමන්, දීමනාවක් හරියට නොලැබෙන ක්‍රිකට් ගහපු දුලිප්ලා, අර්ජුනලා, අරවින්දලා, සනත්ලා වගේ අය... නැතිව ලෝක කුසලානේ ගත්තාට පස්සේ ආපු හොර පරිපාලකයින් නොවේ. ඕක වහලා දාන්න තියෙන්නේ. ICC මගුලක් අටවාගෙන, මේකේ ඉන්න නරින්ට හොරකම් කරන්න පාර කපනවා...

:       0       37

Akila Wednesday, 26 April 2023 12:03 PM

අපිට නම් පාඩුවක් නැහැ , ඔකේ පරිපලානේ ඉන්න හොරු ටිකටයි ,ටීමේ එකේ ඉන්න ක්‍රිකට් ගහන්න පොඩ්ඩක් පුළුවන් නළුවෝ ටිකට නම් අදායම් මාර්ග නැතිවේවි

:       2       35

Pol Adikaraya Wednesday, 26 April 2023 12:29 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය දූෂිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනාශ කර ඇති බව ඇමතිවරයා ICC ය දැනුවත් කළ යුතුය.

:       3       22

මහසෙන් Wednesday, 26 April 2023 01:42 PM

කොහොමත් ක්‍රිකට් ආයතනය හැසිරෙන්නේ මවාගත්තු බලයක් සමග. එතැනට අභියෝග කරන කාටවුවත් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි එහෙම කියලා ක්‍රිකටුත් කාලා, රටත් කාලා යනකන් මේ කණ්ඩායමට බයේ ඉන්නවාද? නැත්නම් ඒකට අභියෝග කරනවාද කියන දේ තීරණය කරන්න ඕන රජය. අනික icc කියන්නේ නිකන් බෝඩ් එකක් පමණයි. ඇත්ත icc කියන්නේ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක...

:       1       9

නිහාල් Wednesday, 26 April 2023 03:05 PM

තහනම් කළත් දිගටම ගැහුවත් අපි නම් ඕවා බලන්නේ නෑ

:       2       8

විදේශිකයා Wednesday, 26 April 2023 03:29 PM

ක්‍රිකට් විතරද....සමස්තයක් විදිහට බැලුවම මුළු රටත්,ජාතියත්,කාලා විනාස කරලා ඉවරයි ...මොනවද මේ ක්‍රිකට් ගැන විතරක් අමුතු කතාවක් ...

:       0       8

මල් කැ*යා Thursday, 27 April 2023 01:52 PM

ලොන්ත ක්‍රිකට් පොන්සියො ටිකට වෙන රටකට වතුර අදින්න යන්න පුළුවන් වෙයි

:       0       1

පූසා Friday, 28 April 2023 12:44 PM

තවතවත් කම්බ හොරුන් පත් කරන්න. මණ්ඩලයට තවතවත් හොඳට හම්බ කරන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site