(ශි‍්‍රනාත් ප්‍රසන්න ජයසුරිය)
අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් අද (26) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන ඇත.
රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ මීගමුව ඒකකයේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් අනුව මෙම අවි ගබඩාව සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ජාතික තව්හිත් ජමාද් සංවිධානයට අයත් එකක් බවට පොලිසිය සැකකරයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ නියිටේ්රඞ් ඇසිට්, අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය, යකඩ බෝල, ඩෙටනේටර්, ජෙලෙග්නයිට්, බැටරි ඇතුළු උපකරණ රැසක් එහි තිබී ඇත.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔය රාමසාන්වලට මල්වෙඩි පත්තු කරන්න ගෙනැල්ලා තියෙන්නේ...
ලේන්සුව එලාගෙන ඇවිල්ලා කරන වැඩ තමයි දැන් තියෙන්නේ...
මොවුනට මේවා ලැබුනේ කොහොමද? මීට ප්‍රථම අල්ලා ගත් අවි පුපුරන ද්‍රව්‍ය වලට මොකද උනේ?
ඔය කියන සංවිදානය තවමත් තහනම් නොකරන්නේ ඇයි?
මේවා ගෙනාවේ කව්ද? ගෙනාවේ කොහොමද? ගෙනාවේ කොහෙන්ද? මේවා එහා මෙහා ගියේ මොන ෆේස්පාලුවාගේ උදව්වෙන්ද?
විල්පත්තුවත් පරීක්ෂා කරා නම් තව දේවල් හොයාගන්න පුළුවන්.
සරත් ෆොන්සේකා මහතා පැවසුවා මෙන් මේවාට වසර හත අටකවත් කාලයක සිට සුදානමක් තියෙන්නට ඇති. අපගේ පාර්ලිමේන්තුවේ සිටින අය බලයට කෑදරකමින් අරගල කරකර සිටියා මිසක් මේ කිසිවක් දැන සිට නැහැ. පක්ෂ විපක්ෂ කිසිවෙකුටත් මේ වගකීමෙන් ගැලවෙන්නට බැහැ. අපගේ බුද්ධි අංශ, සියලු ආරක්ෂක අංශ හා රහස් පොලීසිය ඇත්තෙන්ම සුපිරි වැඩකාරයන් වගේම මොළකාරයන්. මෙවැනි අයගෙන් නිසි සේවය ලබන්න නම්, හමුදා අත්දැකීම් සහිත සුදුස්සෙකු ආරක්ෂක ඇමති හැටියට පත්කල යුතුයි.
සියලුම සර්ව බලධාරීන් මේවට අවසර දීලා ඇති. නැතිනම් යස අගේට ඔහොම කරන්න බැහැ. ගෙදර අනෙක් අය දිහා සැක හිතෙන විදිහට බලන්න එපා. එයාලා අන්ත අසරණයි මල්ලි !!!
අපේ මිනිස්සු සියලු දේ සුලුවෙන් හිතන නිසා තමයි අපේ රට විනාශ වෙන්නේ