
(ගයාන් සූරිය ආරච්චි)
ඉකුත් වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කීපදෙනෙකු අනීතික ලෙස බන්ධනාගාරය මගින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉකුත් 6 වැනිදා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලටඅනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් මෙසේ ප්‍රකාශයක් ගෙන ඇත.
එම විමර්ශන වලට අනුව බන්ධනාගාරයේ ලේඛන පරීක්ෂා කරමින් තවදුරටත් කොමසාරි ජනරාල් වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම බරපතළ කාරණාවක්. ජනාධිපති සමාව යටතේ වංචනික ලෙස දේශපාලනික හිතවත්කම් හෝ බලපෑම් මත සහ මුදල්වලට කෑදරකමින් මෙයට පෙරත් දරුනු ගණයේ අපරාධ කරුවන් ඇතුළුව කී කෙනෙක් නිදහස් කරලා තියෙනවාදැයි කියලා හොඳට හොයලා බලලා, එවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබාදී යුතුයි. අනිවාර්යයෙන්ම ජම්පර ඇන්දවිය යුතුයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියන කෙප්ප කෙලින්නා දැන් මොකද කියන්නේ .