(නිමල් ජයරත්න)
ලංකාපුර සිංහරාජගම වෙට්ටකාඩු ප්‍රදේශයේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර මුල් යුගයට අයත් මහ දාගැබක් මීට දින කිහිපකට ඩෝසර් කර විනාශ කර දමා කුඹුරු වගාව සඳහා යොදාගෙන ඇතැයි ඕනෑගම මැදමළුව මහ විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පවසති.
පුරාවිද්‍යා වටිනාකම් ඇති මෙම ප්‍රදේශයේ පැරණි ආරාම, චෛත්‍ය සහ සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන විනාශ කර නිධන් වස්තු ලබාගෙන ඇති බවද උන්වහන්සේ පැවසූහ.
විනාශ කර තිබෙන දා ගැබ අසළ තිබී ඉපැරණි කාසි, පබළු, ගඩොල්, ඖෂධ ඇඹරුම් ගලක්, සඳකඩ පහණක කොටසක් සහ වටිනා පුරාවස්තු කිහිපයක් සොයාගෙන තිබේ. එහි නිධන් වස්තු ද මෙම කණ්ඩායම රැගෙන ඇතැයි චන්දිම හිමියෝ කියති.
මහවැලි ගඟෙන් එන ජලය හරස් කර වෙට්ටකාඩු අමුණ මගින් ජාතික වනෝද්‍යානයට ගන්නා ජලයෙන් අනවසරයෙන් කුඹුරු අස්වද්දා ඇති බවද, මේවනවිට දැව ජාවාරම්කරුවන් සහ දඩයක්කරුවන් අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක වූ කුඹුක් ගස්වලට ගිනි තබා විනාශ කර ඇතැයිද පැවසූ ඒ හිමියෝ බලධාරීන්ට ඒ පිළිබඳව පැවසුවද මෙතෙක් විසඳුමක් ලැබී නැති බවද සඳහන් කළහ.
සුංගාවිල අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ, වනෝද්‍යානයේ සහ පේරණ කලාපයේ සිදුවන මෙම විනාශය පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කර නීතිමය පියවර ගැනීමට ක්‍රියා කර ඇති බවය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුර වස්තු විනාස කරන අයගේ සියලුම වත්කම් රජයට පවරාගෙන පන්සල් ඉදිකළ යුතුයි.
මේ ගැන ජනාධිපති තුමාට දන්වන්න. නැත්නම් අපරාධ කරන අයට එරෙහිව නීතිය අතට ගන්න.
මේවා යහපාලන කාලේ කරා නම් ........................
මේ විනාශ වෙන්නේ අපේ ඉතිහාසය. රටක් ජාතියක් ගැන හැඟිමක් නැති කෙහොම හරි සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න උත්සාහ කරන නොමිනිස්සු ජාතියක් බිහිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා මේවා දැක්කම......මේක මගේ රට, මගේ ඉතිහාසය කියන හැගීම ලමයින්ට කාවද්දන්න ඕනේ පාසල් කාලේ ඉදන්ම. එහෙම හැගීමක් ඇතුව සමාජයට එන ළමයි කන්න බොන්න නැතුව මැරෙන්න ගියත් මේ වගේ අපරාධ කරලා සල්ලි හොයන්න හිතන එක නැතිවෙයි.
තාම අර කොන්ද පන නැති එක්කෙනා නේද ඉන්නේ ? දන්නේ නැති නිසා ඇහුවේ. පරණ එක්කෙනාට වඩා අන්තයි වගේ මෙයා. එයා හොදයි කියලා හිතෙනවා.
දේශප්‍රේමී ජනපති කෙනෙක් පත්කර ගත්තේ මේවා බලන්නද ?
අපි මොකවත් නොකියා ඉමු... ජාතිවාදේ ඇවිස්සෙයිනේ...