(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන ආකාරයට පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල අලවා ඇති මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් වහාම ගලවා ඉවත් කිරීමට ක්‍රියාකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පෞද්ගලික වාහනවල පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර් හෝ බැනර් ප්‍රදර්ශනය කරන බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී ඇති බවද, එලෙසින් ස්ටිකර් අලවා තිබීම, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් බවද දේශප්‍රිය මහතා කියාසිටී.
එම ස්ටිකර් ගලවා ඉවත්කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයක් ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමට ඒ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත සහ කොට්ඨාස බාර පොලිස් නිලධාරීන් වෙත ද පොලිස් ස්ථානාධිපතිවරුන්ද වෙතද අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද ඒ මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිෂම මෙසේ ප්‍රකාශ නිකුත්කොට සිටීමෙන් කුමන ඵලයක්ද? එය හරි හැටි ක්‍රියාත්මක කරවීමට පොලිසියට නියෝග නිකුත් කිරීමේ බලය මේ ඡන්ද කාලයේ මැතිවරණ කොමිසමට තිබෙනවා නොවේද? පොලිසිය හුරතල් නොකොට නිසි පරිදි මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතුයි නේද?
රූප දාලා මොන දේ ලිව්වත් වැඩක් නැහැ. පරණ මරණ දැන්වීම් ටික තමයි හැමදාමත් බලන්න වෙන්නේ.
මැතිවරණ කොමිසමේ වටිනාකම දැන් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ. අපේක්ෂකයා තමන් හොඳට දන්න.., තමන්ගේ කොට්ඨාශයට වැඩක් කරපු කෙනෙක් නම්, මිනිස්සුන්ට අලුතෙන් සල්ලි වියදම් කරලා කියන්න ඕනේ නෑ. ගෙදරට ලිස්ට් එක එනවනේ අංකේ බලාගන්න.
නීතියනම් හොඳයි.. ඒත් අපේ ඡන්ද ක්‍රමයට අනුව ඡන්දය ඉල්ලන්නේ මුහුණ දැක්මෙන් තමයි ඔවුන්ව දැනගන්නේ. පෝස්ටර් ගහන්න දෙන්න එපා.. එහෙත් තමන්ගේ කාර්යාලවල හෝ ආධාරකරුවන්ගේ වාහනවල සහ ගෙවල්වල පින්තූර එල්ලුවට පරිසර හානියක් වෙන්නේ නැහැ නේද? සාධාරණව හිතලා නීතිය ක්‍රියාත්මක කරන්න.
පොහොට්ටුවේ හැර අනිකුත් සියල්ල ගලවා ඉවත් කරන්නද?
පොහොට්ටුවට මේ නීතිය වලංගු නැහැ නේද?