(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවැසීය.
ගුරුවරුන් සියයකට වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එසේම අනුරාධපුරයේ නගර සහ ගම්මාන ආශ්‍රිතව වෙනදාට වැඩියෙන් කොරෝනා රෝගීන් වාර්තාවෙමින් තිබෙන බව පැවසූ බණ්ඩාර මහතා අනුරාධපුර නගරය ආශ්‍රිතව සිවු දෙනකු කොරෝනා වැළඳීමෙන් ඊයේ දිනයේදී පමණක් මිය ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
අනුරාධපුරයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අඩු කර ඇති හෙයින් එම පරීක්ෂණ වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එන්නතට පමණක් සීමාවී වැඩ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ කාරණය අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අනුරාධපුරයේ පාසල් දරුවන් 1000 කට කොරෝනා
Dasa P Thursday, 02 December 2021 06:00 PM
අර අක්කාට කියලා තව පූජාවක් තියාගත්තාම හරියයි.