(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය එත්තාලේ තිහලිය ප්‍රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු 13 දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස කල්පිටියේ පදිංචිකරුවන් නොවන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිදු සාක්ෂීයක් නොමැති වීමත් මොවුන් පැමිණි බව පැවසෙන යතුරු පැදි ත්‍රිවිලර් ඇතුළු දෑ වෙනත් පළාත් වල ලියාපදිංචි කළ ඒවා වීම නිසා ප්‍රශ්න කිරීම සඳහා කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය විජය නාවුක කඳවුරේ පිරිස් හා කල්පිටිය පොලිසිය එකාබද්ධව මෙම මෙහෙයුම සිදුකර තිබු අතර එහිදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සිටි බවත් මොවුන් වයස අවුරුදු 20 සිට 45 දක්වා සිමාවල පසුවු පිරිස් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ කිව්ව එක හරි. ඕවට තමයි විල්පත්තු කැපුවේ, කොයි ලෝකෙන් එන අයද දන්නේ නැ.
කොහොම හරි ආයෙත් හැඳුනුම්පත් අරගෙන එළියට යන යුගයක් උදා කරාට රනිල්ට ගොඩක් ස්තුතියි.
රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෝ සහ ආගම අනුව සිතන මිනිසුන් වෙන්කර ගන්න මේක හොඳ අවස්ථාවක්..
ප්‍රහාරයක් සිදු වීමට නියමිත බව දැන දැන එය ජනතාවගෙන් වසන් කලේ ආණ්ඩුව. ප්‍රහාරයක් සිදු වෙන බව දැන දැන එය රටට කියමින් අරගල කරේ ඥානසාර හාමුදුරුවෝ. හාමුදුරුවෝ හිරේ. ආණ්ඩුව සැපේ.
සුද්ද කරන්න හොඳම වෙලාව වහා පිටුවහල් කරනු....