(රංජන් කස්තුරි)
ජීවිත රක්ෂණ නියෝජිතයන්ට සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලේ ප්‍රතිලාභ ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන බව කම්කරු අමැත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
රටපුරා විවිධ රක්ෂණ සමාගම් යටතේ ජීවිත රක්ෂණ නියෝජිතයන් 45000ක් පමණ සේවය කරන අතර ඔවුන්ට කිසිදු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් හිමි නොවන බව ද ඇමැති වරයා කීවේය.
අමාත්‍යවරයා එම අදහස් පලකළේ රක්ෂණ සමාගම් ප්‍රධානීන් පිරිසක් සමග කොළඹ පැවැති සාකච්චාවකදීය.
ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ගේ පත්වීම්වලට අදාල නීති කාලීනව වෙනස්කර ඔවුන්ට ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් ප්‍රතිලාභ ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඇහැරිලා තියෙන්නේ.