(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොස්තාපල්වරයෙකු පැදවූ යතුරුපැදියක් කළුතර පළාතොට කැලි කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානය අසලදී ලිස්සා පෙරළී ගොස් පුහුණු කටයුතු සඳහා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායමක ගැටීමෙන් එම නිලධාරියා ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ බව කළුතර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබූ සෙසු තිදෙනා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බව පොලිසිය කියයි.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරෙකු කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීම සඳහා පුද්ගලික යතුරු පැදියෙන් නාගොඩ සිට පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලද නිලධාරීන් සිව් දෙනාම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි යතුරු පැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනතුරින් පොලීසියේ 4ක් රෝහලේ