(ගුණවතී ඉලංකෝන් මැණිකේ)
අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්‍රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් තිදෙනකු ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය.
රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු අමිල සංදීප යන දෙදෙනා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබා ඇත.
බසර රථවලින් සෙනග ප්‍රවාහනය කළ බව කියන ආර්.ඒ. රජිත, ජයන්ත උපුල්, ගුණතිලක ගෙදර නිලවීර යන තිදෙනා ඇප මත මුදා හැරියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් නෙවෙයි ඉවරයක්ම කරන්න. මේ අය කීදෙනෙක්ගේ අනාගතය වනසනවද?
දැන් ජෙප්පෝ නඩුවට පෙනී සිටියි..
අත්අඩංගුවට ගත් අන්තරේ ඉන්න අන්දරේලා වන අපේ පඹයින් නොහොත් අපේ හෙංචයියන් වහා නිදහස් කරව්. නොඑසේ නම් අපි කොළඹම වටකරනවා.. මීට රතුකුමාර ප්රමුඛ රතු හැට්ටකාරයින් සහ උගත් පුතාණෝ...
අපේ අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් පිනට ඉගෙනගෙන, පිං උසස් අධ්‍යාපනය ලබන ගමන්, අනිත් ඉගෙන ගන්න විද්‍යා පීඨවල දරුවන්ටත් ඉගෙන ගන්න නොදී, කුහකකම් කරකර, සල්ලි තියන දක්ෂ දරුවෙක් කැම්පස් ආවොත් එයාට සියදිවි නසාගන්න සලස්සන, කැම්පස් එකේ පන්ති කාමරවල ඉන්නවාට වඩා වැඩි කාලයක් පාරවල්වල රස්තියාදු ගගහා, රාජ්‍ය දේපල වනසන, මේ මානසික ලෙඩ්ඩුන්ගෙන් ඒ අය පිනට ඉගෙනගත්ත ඒවල සල්ලි බලෙන් අය කරගෙන රටේ ඉගෙන ගන්න දක්ෂ දුප්පත් දරුවන්ට දෙන්න ඕනෑ...