(ඉන්දිකා රාමනායක,සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සභාපති අමිල සංදීප,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම දෙදෙනාට අමතරව සෙසු පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලිගේ කොලුවාට වෙන්නේ සෑහෙන කාලයක් කල්දේරම් බත් කන්නයි....
හුරේ......අඬ අඬ ඉන්න මග බලා හිටිය "අන්තරේ ඉන්න බුරු අන්දරේලා" වන අපගේ ඇස්වලට මිරිස් කුඩු ටිකක් දැමීම පිලිබදව දියවන්නාව පට්ටියේ හරකුන්ට අපගේ ස්තුතිය පල කරන්නෙමි.අපගේ වටිනා කාලය අපටම කාදමමින් මහජනතාවට ඉතාමත්ම අවහිර, කරදර වෙන ලෙස පාරේ කෑමොර දෙමින් දියව්...දියව්....අත නොතබනු ( වෙන ඕනදෙයක් තබනු ) ලෙස නිවට රස්තියාදුකාරයන් ලෙස හැසිර්මට මෙය මහගු අවස්ථාවකි....අප බය නැත අප පිටුපස රතු හැට්ට ඇදගත් අයියලා මෙන්ම උගත් පුතානෝද සිටිති.....
අපගේ උද්ගෝෂණ වලට පෝස්ටර් අදින පබයන්ගෙන් එක පබයෙක්වත් අඩුවෙනවාට අපකැමති නැත. එබැවින් මේ අහිංසක සරසවි සිසුන් වහාම නිදහස් කරනු..... මීට "ගොන් පුතා"........
නියමයි අලල්ලා හැම ගහලා යවනන්ද
ලොව කිසියම් රජයක් උපරිම පාලන බලය යොදමින්, තම දරදඬු පාලනයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරතවන්නන්ගේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ගැන කිසිඳු තැකීමක් නොකර ඔවුන් දඩයම් කිරීම කරයි නම් ඒ රජය හෝ රජු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් මුල්කරගත් පාලන ක්‍රමයක් අනුගමනය නොකරන බව නොකියා නොහැක්කේය. එම රජු හෝ රජය වටා සිටින නීතියේ මුර බල්ලන් හා රජු හෝ රජය විසින් කරනා හොඳ හෝ නරක එලෙසින්ම අනුමත කරනා බුද්ධි හීන උන්මත්තකයින් සත්‍යය අවබෝධ කරගන්නා තෙක්, එම රජු හෝ රාජ්‍යය රටවාසීන්ට වැඩදායක නොවන්නේය...
මේ ගොල්ලන්ට නම් ඇප ලැබෙයි. උසාවියෙන් නිදහස් වෙයි. හැබැයි පොලිස් රාජකාරිය කළ නිලධාරියාට නම් ඇඟිලි ලැබෙන්නේ නෑ.
උද්ඝෝෂණවලට වඩා පොදු ප්‍රවාහනයේ ගමන් කරන විදිහ අවදානම් නැතිද? ඒවා කවුරුවත් බලන්නේ නෑ. බස්වල මගීන් පටවන විදිහට මේ රට කොරෝනාවලින් වැනසෙන ලකුණු තමයි පේන්නේ....
කුහකම දේශපාලන පක්ෂයේ බළල් අත් වෙන මේ සෙට් එක ඇප රහිතවම ඇතුලේ තියන්න. හැමෝම දන්නවා කොතලාවල පිඨයට සිසුන් බඳවාගන්නේ උසස්පෙළින් ඉහළම ලකුණු ලබන අනුපිළිවෙලට කියලා. එහෙම නැතුව අර සයිටම් එකේ වගේ S3 කට නෙමෙයි. ඉතින් රටේ සල්ලිත් තියන දෙමව්පියන් තමන්ගේ සුදුසුකම් තියන දරුවන්ව කොතලාවල පීඨයට ඇතුළත් කරලා උපාධියක් අරන් දෙන එක වරදක්ද? එහෙම අවස්ථාවක් නැත්නම් මේ දෙමවුපියන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න තෝරාගන්නේ විදේශීය විශ්ව විද්‍යාලයක්... ඒවාට ගෙවන්නේ රුපියල් නෙවෙයි, ඩොලර් වලින්... රටේ සල්ලි ටික අර විදේශීය විද්‍යාලවලට ඇදෙනවා. කොටින්ම අපේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මොත් ඒවායේ උගන්වන අපේ රටේම උගත් ආචාර්යවරු කීයකට නම් ආර්ථික සවියක් ලැබෙනවාද? අද උසස් ආයතනවල වැඩිපුරම ඉන්නේ විදේශීය උපාධිධාරීන්. මේ සෙට් එක උද්ඝෝෂණ කළ යුත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියලා නෙමෙයි. හැම නගරෙකම නියමිත ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න කියලා...
පළාත් අතර සංචරණය තහනම් නම් ඒ ඒ පළාත් සීමාවන්ගේ මුර කපොලු වල ඉන්න පොලිස් නිලධාරීන් සංචරණ සීමා ඉක්මවමින් යන්න දුන්නේ ඇයි? මුලින්ම දඬුවම් කරන්න ඕනෑ.. ඒ ඒ සීමාවන්වල සිටි පොලිස් නිලධාරීන්ට.. අනික මිනිස්සු කොළඹ ඉඳලා අනුරාධපුර, බදුල්ල, මාතර, කතරගම ආදි ප්‍රදේශවලට ගියේ නැද්ද? අාවේ නැද්ද? එ්වාට පොදු ප්‍රවාහනය භාවිතා කලේ නැද්ද? හොයලා බලන්න උද්ඝෝෂණය කිරීම් ආදිය මේ දිනවල හොඳ දෙයක් නොවේ කොරෝනා පැතිරීමට හොඳ අවස්ථාවක් එය පාලනය කළ යුතුයි. එ්කට දඬුවම් කරන්න ඕනෑ.. නමුත් අහුවුණු කෙනා පළාත් අතර සංචරණ සීමා කඩකලා කියලා චෝදනා ගොනු කිරීම සාධාරණ නැහැ... ඊට වඩා එ්වා කඩකළ නිසා එ්වා දිහා පොලිසිය බලන් හිටියා... එ්කයි..
ඒ ඔක්කොම ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබපු අයයි.
වුවමනා දේටයි, එපා දේටයි... උද්ඝෝෂණ පවත්වන්න මේ එළොවටත් නැති, මෙලොවටත් නැති ශිෂ්‍යභාවය අහෝසිකොට සිරගත කළ යුතුයි.
කරුණාකරලා රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ ගොල්ලන්ව එක්කයන්න හංගපු ආයුධ පෙන්නන්න.
විශ්ව විද්‍යාල වලට ගියේ ඉඳගෙන ගන්නම් අපේ බදු මුදලින් නුඹලා ඉගෙන ගනිල්ලා. නුඹලාගේ උපදෙස් අරගෙන නොවෙයි විශ්ව විද්‍යාල පිහිටෙව්වේ... එහෙනම් විශ්ව විද්‍යාල පිහිටවපු අයට ඒවායේ වෙනස්කම් කිරීම අයිතිය තිබෙනවා... නුඹලාට ඉගෙන ගන්න බැරි නම් පව් නොදී අයින් වෙලා යන්න. මුදල් ගෙවලා ඉගෙන ගන්න යන ළමයින්ට ඔය ප්‍රශ්න එකක්වත් නැහැ...