
(කාංචන කුමාර ආරියදාස)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා දීවෙන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදී ආරම්භ කිරීමට හැකි බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් බියන්විල මහතා සඳහන් කළේය.
මේ වන විටත් වන්දි ගෙවීමේ කටයුතු සඳහා අවස්ථා ගණනාවක සාකච්ඡා පවත්වා අවසන් සාකච්ඡාව 18 දින කුරුණෑගල ප්‍රදේශයේ දී පවත්වන බව ද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ ජාතික යොවුන් සේනාංක කණ්ඩායම් සමඟ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ අබලන්ව ඇති උපකරණ නැවතත් අලුත්වැඩියා කිරීමේ නව වැඩපිළිවෙළකට අද පෙරවරුවේ එක්වෙමින්අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් ප්‍රමාද වීම ගැන මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd