(අංජුල මහික වීරරත්න)

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ග්‍රාම නිලධාරීන්ගේ සංගම් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවේදී එළඹුණු එකඟතා අනුව මෙම තීරණයට එළඹ ඇත.

ග්‍රාම නිලධාරීවරුන්ගේ ඉල්ලීම් ලබන අයවැයෙන් ලබාදීමට කටයුතු කරන බවට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බව ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කරයි.