
(උපාලි ආනන්ද)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය සුබ‍්‍රනියම් රවින්ද්‍රනාත් මහතා පැහැර ගෙන ගොස් විවිධ වද හිංසා පමුණුවා මරා දැමීමේ සිද්ධියට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන ඇමති ශිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව් දෙකුට එරෙහිව නීතිපතිවරයා පොළොන්නරුව මහාධිකරණය හමුවේ අද වෙන් වෙන් වශයෙන් අධි චෝදනා ගොනු කළේය.
පිල්ලෙයාන්ට අමතරව නීතිපතිවරයා අනෙකුත් විත්තිකරුවන් වන්නේ කදීර් තම්බයියා, තංගෙවිලූ කදිරයාර් සහ නාගරාසා රත්නම් සෙසු විත්තිකරුවන් වේ.
2009 වසරේ ජූනි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක දී විත්තිකරුවන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ එවකට හිටපු උපකුලපති මහචාර්ය සුබ‍්‍රනියම් රවින්ද්‍රනාත් මහතා පැහැර ගෙන ගොස් විිධ වද හිංසා පමුණුවා මරා දැමූ බවට නීිපතිවරයා ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළු ව චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ මෙලෙස අධි චෝදනා ගොනු කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොළොන්නරුව මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් ගොනු කොට ඇති අධි චෝදනා පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග මෙනවිය විසින් සළකා බලා ඉදිරි දිනයක විත්තිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කොට ඔවුන් මහාධිකරණයට කැඳවා පොළොන්නරුව මහාධිකරණයේ රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා අදාළ අධිචෝදනා කියවා බාර දීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd