
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසමතුලිතතා දුරැලීමට නියමිත කාලයේ දී අවශ්‍ය පියවර නොගැනීම නිසා රටේ සිසු පරපුර අසීරු තාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගුරු පුරප්පාඩු සම්පූර්ණ නොවීම, විශ්ව විද්‍යාල වල ආරම්භක යටිතල පහසුකම් නොමැති වීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් මෙන්ම උපාධි ගුණාත්මක භාවයටද සෘජුවම තර්ජනයක් වීම නිසා දේශීය අධ්‍යාපන පද්ධතිය ගැන විශ්වාසය බිඳ වැටී තිබෙන්නේ යැයිද ප්‍රේමදාස මහතා කීය.
මෙවැනි අකටයුතු කම් නිසා සිසුන්ගේ අනාගත රැකියා අවස්ථා තර්ජනයට ලක් වන්නේ යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, අධ්‍යාපනය විතරද? මුළු රටටම කෙළවුණේ දශක හතක හොර-තක්කඩි පාලනය නිසා කියලා අමතකද? ඒ දශක හතේ රට ඉබාගාතේ ගියා නම් මීට වඩා හොඳ දියුණුවක් ලබාගන්න තිබුණා. හොර හැත්ත මුළු රටම කෑවා, රටේ අහිංසක සාමාන්‍ය ජනතාවත් කෑවා...
ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදුවා. ජපන් භාෂාවෙන් කතා කෙරුවා. ඔය කියන අඩුපාඩු දැක්කේම නැතුව ඇති...
අපේ කාලේ කෙරුව වගේ නේද සර්...? මම කියවලා තියෙනවා සර්ගෙ තාත්තත් ඇඹිලිපිටියේ ගලප්පත්ති කියලා විදුහල්පති කෙනෙක් එක්ක එකතුවෙලා 88/89 කාලේ ඉස්කෝලෙ ළමයින්ට විසඳුම් දුන්නා.
හරි කාලේදී ඔහේට ඒක හරි හැටි ලැබිච්චි නැති එකයි පුරස්නේ මහත්තයෝ...