සෙලින්කෝ ලයිෆ් විසින් දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සඳහාම නිර්මාණය කර ඇති රක්ෂණ සැලැස්මක් දියත් කරනු ලැබ ඇත.
සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ නමින් හඳුන්වා දී ඇති මෙම රක්ෂණාවරණය මගින් දෙමව්පියකුගේ මරණය හෝ පූර්ණ සහ සදාකාලික අබලතාවක් සිදුවුවහොත් තනි වාරිකයක් පමණක් ගෙවීමෙන්, දරුවකුගේ මාසික අධ්‍යාපන වියදම් පියවීම සඳහා මූල්‍යමය අත්වැලක් ලබා දෙයි.
දරුවකුගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමට ආරක්ෂිත ජාලයක් ලෙස හැඳින්විය හැකි ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ ඉතා සරල රක්ෂණ සැලසුමක් බව සෙලින්කෝ ලයිෆ් පවසයි.
‘මුදල් උපයන්නාගේ අකල් වියෝව නිසා දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම පිළිබඳ දුක්බර කතා අද බහුලව අසන්නට ලැබෙනවා,’ යැයි සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා පෙන්වා දුන්නේය. ‘අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ අනාගතය අවධානමෙන් මුදා ගැනීම සඳහා සමාගම දරන ප්‍රයත්නයට කදිම උදාහරණයක් වන මෙම රක්ෂණ සැලසුම අනාගත පරම්පරාවට අපට සහාය විය හැකි ආකාරය පිළිබඳවද උදාහරණයක් බවද ඒ මහතා පැවැසීය.
සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ සමඟින් තම දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට කැමති දෙමාපියන්ට රුපියල් 5,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික ප්‍රතිලාභ ආවරණයක් වසර 2ත් 12ත් අතර කාලයකට ලබා ගත හැකි අතර ඔප්පු හිමියාගේ අභාවය හෝ පූර්ණ හා සදාකාලික අබලතාවයක දී දරුවාගේ විවිධ අධ්‍යාපන වියදම් පියවීම සඳහා තෝරාගත් ප්‍රතිලාභ මුදල මාසිකව ඔප්පු කාලය අවසන් වන තුරු ගෙවනු ඇත

2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට සෙලින්කෝ ලයිෆ් නව රක්ෂණ සැලසුමක්