
අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් අද (30) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙලෙස දැක්වේ.
“ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ස්වාධීන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛය ආමත්‍යාංශය විසින් කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීම පිළිබඳ තීරණය කිරීමට පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට මෑතක දී තර්ජනය කිරීමේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරු දැඩි ලෙස හෙළා දකියි.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 ගෙනාවේ ඕකට තමයි ඩොක්ටර්...
මෙ රාජපක්ෂලාගේ රාජ නීතිය බලාගෙනයි... සුදු හෝ කලු හෝ....
වැඩිය දගලන්න එපා... ඩොක්ටර්ලා 20ත් අතේ සුදු වෑන් තිඛෙ...
ඔවා අපිට වැඩක් නැහැ පවුලේ ප්‍රශ්න... දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරි ... පසුගිය කාලේ එක පත කාගෙන හිටපු අයනේද?
සත්‍ය වශයෙන්ම, අධිකරණ වෛද්‍යවරුන් නිවැරදියි. ඔවුන්ට පොදු මහජනතාව වෙනුවෙන් කැක්කුමක් හා වගකීමක් තිබෙනවා. වර්තමාන අධිකරණ ඇමතිවරයා රටේ පොදු ජනතාව ගැන මොනතරම් කැක්කුමක් තිබේද යන්න ගැන රටට ලෝකෙට හොඳහැටි ඔප්පුවුණා. අධිකරණ නියෝග දී තිබියදී, සෞඛ්‍ය අංශ නිර්දේශ කොට තිබියදී, ඇමතිවරයා ගත්තේ තමන්ගේ මිනිසුන්ගේ පැත්ත. ඒ මිනිසුන් නොමග නොයවා මේ වසංගතයෙන් පසුව සිරුරු භූමදානය කළ හැකි බව පෙන්වා දුන්නා නම්, ඔවුන් මෙතරම් අන්තගාමී වෙන්නේ නැහැ. රටේ අධිකරණ ඇමතිවරයා අධිකරණ නියෝග තඹයකට මායිම් නොකරන්නේ නම්, ඇතිවෙන තත්ත්වය ගැන තවත් කිවයුතුද ? ඇමැතිකම ලැබීමට ප්‍රධාන සුදුසුකම යයි පවසෙන ජනපතිගේ නඩු සම්බන්ධ නීතිවේදියා වීම බවට පසුගියදා ආරංචි පැතිර ගියා. ඒ කෙසේ වෙතත්, රටක අධිකරණ ඇමතිවරයෙකු මෙසේ බාල ලෙස හැසිරිය යුතු නොවේ. ඒවන් අයෙකු සිතිය යුත්තේ කුනුවෙන මළමිනී ගැන නොවේ. පණ පිටින් සිටින මිනිසුන් මේ වෛරසයෙන් මුදවා ගැනීමටය. මොහු මෙල්ල කිරීමට නායකයන්ට නොහැකිව ඇත්තේ මන්දැයි යන්න අද රහසකි. ඒත්, එය සැමදා රහසක් නොවනු ඇත.
හැටහුට ලක්ෂයක බලාපොරොත්තුව...
ජනපතිතුමනි, රත්තරන් කියා ඇන ගන්න ඕන නැහැ. මෙයාට සමුදෙන්න කාලය ඇවිත්. මෙයා අඟේ ඉඳන් කණ කනවා.
අපේ සර්ට කියලා බැලුවේ නැද්ද?
ඔය කට්ටිය හරිම භයානකයි.