(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තවට නැවත වතාවක් යෑමට අදහසක් නැතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
නීතිඥ වෘත්තියට තමා නැවතත් පැමිණෙන බවද හෙතෙම සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසුවේ නීතිඥ ප්‍රේමරත්න ජයසිංහ මහතා විසින් රචිත අපරාධ නීතිය පිළිබඳ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදීය.
නීතිඥ වෘත්තිය රැක ගැනීමට නම් රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිතවී තිබිය යුතු බවද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
කවුරු ඇඟිලි දික් කළත් මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන බව පැවසූ අලි සබ්රි මහතා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඉහළින්ම ඉටු කෙරෙන බවද සඳහන් කළේය.
ඒ ගැන රටක් හැටියට සියලු දෙනාට ආඩම්බරවිය හැකි බවද ඔහු පැවසුවේය.
කෙසේ කෙසේ අධිකරණ පද්ධතිය ස්වාධීනවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් එහි කාර්යක්ෂමතාද ඉතා වැදගත් බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
අනෙකුත් රටවල් හා සැසැඳීමේදී ශ්‍රී ලංකාව අද සිටින තැන ගැන විමර්ශනය කිරීමේදී කොතැනක හෝ වරදක්වී ඇති බව විවාදයකින් තොරව පිළිගත යුතු යැයි පැවසූ අලි සබ්රි මහතා ඒ ගැන කිසිවකුට හෝ ඇඟිල්ල දිගු කිරීම පලක් නොවන බවත් ප්‍රකාශ කළේය.
මේ මොහොතේ දී කළ යුතු වන්නේ අඳුරට සාප කිරීම නොව අඳුර දුරු කරගැනීම සඳහා එක පහනක් හෝ දැල්වීම බවද හෙතෙම පැවසුවේය.
නැවත ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලීමට සිදුවන හෙයින් ඕනෑම රටක විධායකයට හා ව්‍යවස්ථාදායකට මහජන මතය අනුව කටයුතු කිරීමට සිදුවන බවද අලි සබ්රි මහතා පැවසුවේය.
ඕනෑම රටක් ඉදිරියට යෑමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු බවත් නීතියේ පාලනය සහ පාරදෘශ්‍ය භාවය එම කරුණු දෙක බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර තායිලන්තය, මැලේසියාව වැනි මධ්‍යම ආර්ථික තත්වයන් සහිත රටවල ජනගහනයෙන් ලක්ෂ දහයකට විනිසුරුවරුන් 60 දෙනකු සිටින බවත් ඉන්දියාවේ ලක්ෂ දහයකට විනිසුරුවරුන් විසි දෙදෙනෙකු සිටින බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ දහයකට විනිසුරුවරුන් සිටින්නේ පහළොස් දෙනකු පමණක් බව පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙය ලොකු ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.
මෙම ප්‍රශ්නය තේරුම්ගෙන විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරගෙන යන බවද එහි පළමු පියවරක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට දාහතක් දක්වා වැඩි කළ බවද අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව දොළහෙ සිට විස්සක් දක්වා වැඩි කළ බවද ඔහු පැවසුවේය.
මෙහි අවසාන ඵලය රටේ බදු ගෙවන ජනතාවට දැනිය යුතු බවත් එසේ නොවුණහොත් එය රැකියා ලබා දීමක් පමණක් වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
රටේ සමහර නීති වසර සියයකින්වත් යාවත්කාලීන වී නැතැයි පැවසූ අලි සබ්රි මහතා සියලු නීති යාවත්කාලීන කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
විවිධ නීති ඉදිරි කාලයේදී පැමිණීමට නියමිතව ඇතැයිද නීති 94කට තමා දැනට අතගසා ඇතැයිද ඔහු පැවසුවේය.
නීති හතක් දැනට සම්මත කරගෙන ඇතැයි පැවසූ අධිකරණ අමාත්‍යවරයා තවත් නීති හතරක් ජනවාරි මස එකොළොස් වැනිදා සම්මත කර ගන්නා බවද සඳහන් කළේය.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ලබන වසරේ ජුනි මාසයේදී පමණ ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අධිකරණ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.}

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩේ දදා හෝදමින් ගමේ ගොඩේ කඩපිලේ කියන උපහැරණ කථාකරන සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසක් සමග පාර්ලිමේන්තුවේ ඉන්න එක මෙතුමාට එපාවෙන එක පුදුමයක් නොවේ. හිරේ ඉන්න ඕනෑ මිනිස්සු පාර්ලිමේන්තු එනඑක වළක්වන ක්‍රමයක් හැදුවොත් ඔබතුමා රටට ණය නැති වේවි. ඒත් ජනතාව සහ දේශපාලකයින් සියළු දෙනා මෙම ජරාජීරණ ක්‍රමයට අඩු වැඩි වශයෙන් දායකවෙලා තියන බව පිළිගන්න වෙනවා...
ඇමැතිකම ගන්න ඇත්තේ ගැරිල්ල හොඳද කියලා බලන්න. කොහේද? ඇමැති පුටුවල ඉන්න කට්ටිය ගැරිල්ලේ ඔස්තාර්ලා.. ඕක ඉතින් නවකයින්ට ටිකක් අමාරුයි. මොකෝ ඔස්තාර්ලා ටික හැම තැනින්ම ගහලා. පුරුදු ජොබ් එකේ අහිංසකයින් මරණ හැටි දන්නවනේ. පරණ ජොබ් එකේ තියෙන්නේ වචනවලින් ගහන වැඩේ. අලුත් එකේ එහෙමද? ඔස්තාර්ලා එක්ක නේද?
ඊළඟ ආණ්ඩුව ආවොත් සර්ගේ නඩුටික ආපහු ගන්න බලාපොරොත්තු වෙනවා වගේ...!
ඔබගේ වෑයම ඉතා ප්‍රශංසනීයයි. කාලෙකින් දැකපු හොද මහත්මයෙක්. සාධාරණය පතා සටන් කල යුත්තේ අසාධාරණය කරනවුන් අතරම සිට මිස ඉන් පරිබාහිරව නොවේ. එසේ කල හැකි වුවත් එය ඉතා අපහසු දෙයකි. එබැවින් ඔබ ඔය තනතුරේ සිටිය හොත් ඔබ පතන දෙය ඉටු කර ගන්නට පහසු වන ඇත.පාර්ලිමෙන්තුව තුල මෙන්ම කැබිනට්ටුව තුලත් ඔබ විශිෂ්ඨයෙකි.මම ඔබට සුභ පතමි.
අධිකරණ පද්ධතිය ස්වාධීන බව ගැන ආඩම්බරයිලු . ඉතින් දවස්වල නිදොස්කොට නිදහස් වෙන එක බලනකොට, ආඩම්බර වෙන්න නැතුව ඉන්න පුලුවන්ද?
ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුගේ සංකේතය... අලි සබ්රි...!
ආයෝජකයින්ට බාධාවන නීති වෙනස් කරන්න...
මෙයත් මොකක් දෝ එකකට අර අදිනවා. දැන් ඉදලාම තොන්ඩුව කරකනවා. සීරුවෙන් සිටියොත් ඇගට ගුණයි.
රාජපක්ෂලාට, තිස්සකුට්ටිලාට, රෝහිතලාට, ලොකුගේලාට, රෝහිතලාට, ප්‍රසන්නලාට දැන් පාර්ලිමේන්තුව ගැලපේ!
ඡන්දෙකින් නම් ආයිත් පාර්ලිමේන්තුවට එන්න හීන දකින්න එපා. කාගේ හරි නැට්ටක එල්ලුනොත් ගොඩ...
මේ මොකෝ මෙයා නාහෙන් අඬන්නේ ඒ ගමන...? මෙතැනත් පැණිවරකා ගහට අකුණක් වැදිලද? අඩුපාඩුවක් වුණා නම් සර්ට කියලා ගොඩදාගන්න එකනේ... නඩුටික බැලන්ස් කරලා දුන්නු එකට මොනවා හරි කරයිනේ...