
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අද මහාචාර්යවරුන්ද දුප්පතුන් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේසි අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
අද දුප්පත්කම වෙනත් ආකාරයකින් පැමිණ ඇතැයිද ඔහු සඳහන් කළේය
ජේ.සි අලවතුවල මහතා මෙසේද පැවසීය
අපේ රටේ මධ්‍යම පංතිය පහළට වැටිලා. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් මට කිව්වා එතුමගේ පඩියට වෙන දේ. එතුමා නිවාස ණයක් අරගෙන තියෙනවා. ණය ගෙව්වම ඉතුරු වෙන්නේ පනස් දාහක් විතරයි කිව්වා. ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ වගේ අයත් දුප්පතුන් වෙලා. නමුත් රටට කියාගන්න විදිහක් නෑ.
හොඳට ජීවත් වුණු කණ්ඩායමකුත් පහළම තැනකට අැද වැටිලා.
මේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න ඔනෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලත් කාලයක් බලයේ උන්නානේ, එතකොට දන්නේ නැතුව ඇති...
කතාව ඇත්ත නමුත් ඒ තත්ත්වය ඇති වුණේ කවුරු හින්දාද මේ තත්ත්වයට වගකීම මේ රට පාලනය කරපු සියලුම දේශපාලනඥයින් පසුගිය වසර 15 තුළින් අනිවාර්යෙන්ම වගකීම් භාරගත යුතුයි. සියල්ලටම වැරැදිකාරයෝ වර්තමාන රජය කියලා අත හෝදාගන්න හරි ලෑස්තියි. දැන් ඉන්න විපක්ෂය රට වැටුණු වග ආදියට මූලික වශයෙන් තමන් වගකිය යුතුයි කියන දෙය ඔවුන්ට අමතක වෙලා වගේ...