මැලේසියාවේ අද (15) දිනයේ නව කොරෝනා රෝගීන් 190 ක් වාර්තා වී ඇත.
මොවුන්ගෙන් වැඩි දෙනකු විදේශිකයන් සමඟ 10,000 කට අධික පිරිසක් සහභාගී වූ ආගමික උත්සවයකට සම්බන්ධ වූ අය බව අණාවරනය වී තිබේ.
මෙම නව රෝගීන් පිරිස සමඟ රටේ මුළු ආසාදන සංඛ්‍යාව 428 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා සහ ඔවුන්ගේ සමීපතමයන් දින 14 ක අනිවාර්ය නිරෝධායනය සඳහා යෙමුකරන බව ද අමාත්‍යාංශය පවසයි.
පෙබරවාරි 11, 27 සහ මාර්තු 1 යන දිනවල ක්වාලාලම්පූර් අසල මුස්ලිම් පල්ලියක පැවති ආගමික රැස්වීමකට 16,000 ක පමණ පිරිසක් සහභාගී වූ බව මැලේසියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. සහභාගී වූවන්ගෙන් 14,500 ක් පමණ මැලේසියානු ජාතිකයෝ වෙති.
මැලේසියානු අගමැති මුහයිඩින් යසින් සිකුරාදා කියා සිටියේ තම රට ආසාදන හා ආර්ථික කඩාවැටීම් පිළිබඳ අනතුරු ඇඟවීම්වලට මුහුණ දී සිටින බවයි.
අසල්වැසි බෲනායි හි ද සෙනසුරාදා වන විට වාර්තා වූ රෝගීන් 40 දෙනෙකුගෙන් 38 දෙනෙකු ආගමික රැස්වීම්වලට සම්බන්ධ වූ අය බවට සොයාගෙන ඇත.
මාධ්‍ය සඳහන් කරන්නේ සිංගප්පූරුවේ ද මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අද දින මැලේසියාවේ කොරෝනා රෝගීන් 190 ක් සොයාගනී
channa Sunday, 15 March 2020 05:52 PM
අපේ රටෙන් ගියපු අයත් ඇති නේද? ඔවුන් ගැන වහාම විපරමක් කරන්න...