(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ  ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අද  ( 11 )  පෙරවරුවේ අත් ට්‍රැක්ටරයක් කැබ්  රථයක්ගැටීමෙන් ට්‍රැක්ටරයේ  රථයේ ගමන් කරමින්න්න ගොවියකු  මියගොස් අත් ටැක්ටරය පැද පැදවූ රියදුරු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල අතු පාර යාය ප්‍රදේශයේ පදිංචි නුවන් ධනුෂ්ක 38 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු බතල අස්වැන්න නෙළාගෙන අත් ටැක්ටරයෙන් ලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අත් ට්‍රැක්ටරයෙන්  ගොවියා සමග ගමන් කර ඇත.

කැබ් රථය ගලේවෙල සිටියේ එළවළු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙමින් තිබියදී පිටුපසින්ම වේගයෙන් පැමිණි වේගයෙන් පැමිණි කැබ් රථය අත් ට්‍රැක්ටරයේ පිටුපස ගැටී එහි වාඩිවී සිටි ගොවි මහතා මාර්ගයෙන් ඉවතට විසි වීම අනතුරට ලක්ව  ගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි.